-->

මොනවද මේ එන්ජිමන් බලය,පරිමාව සහ ව්‍යාවර්ථය කියන්නේ?





• එන්ජින් බලය

එන්ජින් බලය කියලා කියන්නේ සිලින්ඩර් තුල ඉන්ධන දහනය මගින් ලබාගත හැකි උපරිම බල ප්‍රතිදානයයි(Maximum power output) වන අතර එය අශ්වබල(Hp)හෝ කිලෝවොට්(Kw)මගින් ප්‍රකාශ කරනවා.සාමාන්‍යයෙන් එන්ජිමක බලය එහි ප්‍රමාණය හා සැලසුම් මත තීරණය වන අතර ඒ‌ අනුව එන්ජින් වේගය එය ක්‍රියාත්මක කරන බර(Load)හෝ ව්‍යාවර්ථ(Torque) මත රඳා පවතිනවා.

අශ්වබලය(Hp) හෝ කිලෝවොට්(Kw) කියන එක මගින් එන්ජිමක් කෙතරම් බලවත් ද කියන එක විස්තර කරන ශ්‍රේණිගතය වන අතර ඒ‌ අනුව යාන්ත්‍රික ශක්තිය ප්‍රකාශ කිරීම සඳහා අශ්වබල (Hp)හෝ කිලෝවොට්(Kw) ඒ‌කක භාවිතා කරනවා.ඒ‌ අනුව අශ්වබල 1 ක් වොට් 746 (W) හෝ කිලෝවොට් 0.746(kW) ලෙස ආසන්න වශයෙන් සලකනු ලබන  අතර විවිධාකාර රැකියා සඳහා අතීතයේ භාවිතා කර ඇති අශ්වයින්ගේ ප්‍රයත්නයන් විස්තර කිරීම සඳහා අශ්වබල ඒ‌කකය භාවිතා කර ඇ‌ති අතර ඒ‌ අනුව (අශ්වයා විසින් සිදු කරන ලද කාර්‍ය්‍යයය විස්තර කිරීමයි), කාලය (අශ්වයා විසින් වැඩ කිරීම සිදු කරන කාලය) සහ ඒවායේ සම්බන්ධ වටිනාකම අශ්ව බල ලෙස හැඳන්වනවා.

එම විස්තරයට අනුව අශ්වබල 1 ක් කියන එක KS = 75kg * m / s බව සඳහන් වන අතර වඩාත් අර්ථාන්විත ආකාරයකින් අශ්වලබය කියන එක විස්තර කලොත් එය අශ්වයෙකුගේ ඇස්තමේන්තුවක් (1KS) කිලෝ 75 ක් බරක් විනාඩි 1 යක් තුල දී මීටර් 60 ක් දුරට ක්‍රියාත්මක කිරීමකට යටත් කළ හැකිය.වර්තමානයේ මෙට්‍රික් ක්‍රමයට මාරු වීමත් සමග එය වොට් (W) හා කිලෝවොට් (kW) මගින් බලය ප්‍රකාශ කිරීම දැකිය හැකි අතර ඒ‌ අනුව 1KS = 0.735kW; හෝ 1kW = 1.35962KS ලෙස සඳහන් කරන්න පුලවන්.

• එන්ජින් පරිමාව

එක් එක් නිෂ්පාදකයා විසින් මුලින්ම එන්ජින් ලක්ෂණ සමඟ උපයෝගී කරන්න දෙයක් තමයි මේ එන්ජින් ධාරිතාවය හෝ විස්ථාපනය කියන එක.

මුලින්ම එන්ජින් සංවර්ධන වෙන කාලය තුළ ප්‍රබල එන්ජිම පිලිබඳ සංකල්පයට,වඩා විශාල පරිමාවක් ඇ‌ති එන්ජින් මගින් වැඩි එන්ජින් බලශක්තිය හා ව්‍යවර්ථයයි ලබාගත හැකි බව ගම්‍ය වුණත් වර්තමාන කාලය තුළ ටර්බෝ සහ සුපර්චාර්ජ් භාවිතය මගින් අඩු-ලීටර් එන්ජින් සංවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා.

ඒ‌ අනුව එන්ජිමේ මූලික කොටස සිලින්ඩර වන අතර එය ඇත්ත වශයෙන්ම එන්ජින් වැඩ කොටස නිසා එය තාක්ෂණික දත්තවල සඳහන් වන්නේ ඝන සෙන්ටිමීටර(CC) හෝ ලීටර්වල(L) ප්‍රකාශිත "වැඩ පරිමාව" යන්නයි.බොහෝ එන්ජින් සිලින්ඩර හතරක්, හය හෝ අටක් ඇති අතර ඒ‌ අනුව මුළු එන්ජින් පරිමාව සියලුම සිලින්ඩරවල එකතුවක් නියෝජනය කරනවා.නිදසුනක් ලෙස ලීටර් 2 ක සිලින්ඩර 4 එන්ජිමක් (2000 cc) ගත්තොත් සෑම සිලින්ඩරයකටම ලීටර් භාගයක් ධාරිතාවයක් තියෙනවා කියන එකයි(2000cc ÷ 4 ceylinder =500cc)

• එන්ජින් ව්‍යාවර්ථය

අක්ෂයක් වටා භ්‍රමණ කිරීමට හෝ අඹරැම ප්‍රකාශ කරන ඒකකය ව්‍යාවර්ථය ලෙස හඳුන්වන අතර ව්‍යාවර්ථය නම්‍යශීලී හෝ කොපමණ බලයක් ගියර මගින් ලබා දී ඇ‌ති ද යන්න ප්‍රකාශ කළ හැකිබව ලෙස විස්තර කරන්න පුලුවන්.ඒ‌ අනුව සාමාන්‍යයෙන් මෙම කියන එක ව්‍යාවර්ථය නිවුටන් මීටර්(Nm) හෝ අඩි රාත්තල්(lb-ft) මගින් මනිනු ලබනවා.

එන්ජිමක පිස්ටන් මත ඉන්ධන දහනය කර යම් බලයක් නිපදවයි නම් එය පිස්ටන් කොන්රොඩ් හරහා ක්‍රෑන් ශාෆ්ට් එක විනාඩියට යම් වට ගණනක් කරකැවීමේදී ඇ‌ති කරනු ලබන කැරකුම් බලය මෝටර් රථයක ව්‍යාවර්ථයයි.

උදාහරණයක් ලෙස එන්ජිමක "ව්‍යාවර්ථය අඩි-රාත්තල්-200" ක් යැයි පැවසෙන විට,එය අඩි 1 ක් දිග ලීවරයක් මත රාත්තල් 200 ක බලයක් යොදා නතර කිරීමට අවශ්‍ය බලය ලෙස විස්තර කරන්න පුලුවන්.

එන්ජිමක ව්‍යාවර්ථය ගණනය

TORQUE  =  HP X 5252 ÷ RPM

උදාහරණ:

1)130 hp @ 3,400 rpm

ඒ‌ අනුව අශ්වබල 130 එන්ජිමක් විනාඩියට වට 3400 ක වේගයෙන් කරකැවෙනවිට එහි ව්‍යාවර්ථය

TORQUE  =130hp X 5252 ÷3400RPM

TORQUE = 200.8 lb.ft

2)130hp @ 4800rpm

අශ්වබල 130 ක එම එන්ජිමම විනාඩියට වට 4800 ක වේගයෙන් කරකැවෙනවිට එහි ව්‍යාවර්ථය

TORQUE  =130hp X 5252 ÷ 4800 rpm

TORQUE  = 142.24 lb.ft

මේ අනුව එන්ජිමෙහි වේගය(rpm)වැඩි වත්ම එහි ව්‍යාවර්ථය අඩු වන අතර වේගය(rpm)අඩු වන විට එහි ව්‍යාවර්ථය වැඩිවේ.

වාහනයකට විශාල බරක් ගෙනයාමට අවශ්‍ය නම් එහි අඩු වේගයක්(low rpm)සහිතව වැඩි ව්‍යාවර්ථයක් අවශ්‍ය වන අතර අඩු බරක් සමග වේගයෙන් යාමට අඩු ව්‍යාවර්ථයක් සමග වැඩි වේගයක්(high rpm)අවශ්‍ය වේ.

මේ නිසා රේස් කාර් සඳහා අඩු ව්‍යාවර්ථයක් සහ වැඩි වේගයක්(high rpm)සහිත එන්ජින්ද,විශාල බර ගෙනියන වාහන සඳහා අඩු වේගයක්(low rpm)වැඩි ව්‍යවර්ථයක් සහිත එන්ජින් භාවිතා කරනු ලබයි.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment