-->

මොකක්ද එන්ජින් ලීක් ඩවුන් ටෙස්ට් කියන්නේ?



අභ්‍යන්තර දහන එන්ජින්(Internal Combustion Engine)වල මූලිකවම සිදුවෙන්නේ එන්ජිමේ දහනය කුටීරයට(combustion chamber)වාතය සහ ඉන්ධන ඇදගැනීම මඟින් සහ ඒ‌වා දහනවීමට සැලැස්වීම මගින් බලය ඇ‌ති කිරීම.ඒ‌ කියන්කේ පෙට්‍රල් එන්ජිමක් නම් ඉන්ධන වායු මිශ්‍රණයට ස්පාර්ක් ප්ලග් හරහා ස්පාර්ක් එකක් ලබාදීම මගින් ඉන්ධන වායු මිශ්‍රණය දහනය කරලා අවසානයේ වාහනය ධාවනය කිරීමට අවශ්‍ය බලය සැපයීම.ඩීසල් එන්ජිමක් නම් ස්වංය දහනයක් මගින්,ඒ‌ කියන්නේ සිලින්ඩර් තුල වාතය සම්පීඩනය කරලා ඒ‌ මතට ඩීසල් විදීම මගින් එන්ජිම ක්‍රියාත්මක කරවලා වාහනය ධාවනය කිරීමට අවශ්‍ය බලය සපයනවා.ඒ‌ අනුව මේ දෙයාකාරයටම ක්‍රියාත්මක එන්ජින් සැතපුම් දහස් ගණනක් ධාවනය කිරීම නිසා පිස්ටන් රිංන්ස්,වෑල් හෝ සිලින්ඩර් බිත්තිවල ගෙවීම් ඇ‌ති වෙලා අවසානයේ දී එන්ජිමේ කාර්‍ය්‍යයසාධනය දුර්වල වීම සිදුවෙනවා.

මේ වගේ අවස්ථාවක එන්ජිමේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයේ තත්වය පරීක්ෂා කිරීම සඳහා ක්‍රම දෙකක් භාවිතා කරනවා.ඒ‌ තමයි එන්ජින් කොම්ප්‍රෙෂන් ටෙස්ට් සහ එන්ජින් ලීක් ඩවුන් ටෙස්ට් කියන ක්‍රම දෙක.

ඒ‌නජිමක ඉන්ධන වායු මිශ්‍රණය සම්පීඩනය කිරීමට එන්ජිම තිබෙන හැකියාව මනින පොදු පරීක්ෂණයට කියනවා එන්ජින් කොම්ප්‍රෙෂන් ටෙස්ට් කියලා.මේ සඳහා එන්ජින් කොම්ප්‍රෙෂන් ටෙස්ටර් කියලා ටූල් එකක් භාවිතා කරනවා.මේ කොම්ප්‍රෙෂන් ටෙස්ටර් එක ස්පාර්ක් ප්ලග් හෝල් එකට(පෙට්‍රල් එන්ජින් වල)හරි ග්ලෝ ප්ලග් හෝල් එකට(ඩීසල් එන්ජින් වල)සම්බන්ධ කර ලා එන්ජිමේ ඉන්ධන/වායු සම්පීඩනය කිරීමේ හැකියාව එහෙම නැත්නම් කොම්ප්‍රෙස් කිරීමට ඇ‌ත හැකියාව මනින්න පුලුවන්.ඒ‌ නිසා මේ එන්ජින් කොම්ප්‍රෙෂන් ටෙස්ට් කියන එක එන්ජිමක සම්පීඩන හැකියාව පරීක්ෂා කිරීමට ඇ‌ති හොඳම ක්‍රමයි.එන්ජින් කොම්ප්‍රෙෂන ටෙස්ට් එකේ දී එන්ජිම ක්‍රෑන්ක් කිරීමේ දී සිලින්ඩර මගින් ඇ‌ති කරන ලද පීඩනය නිසා කොම්ප්‍රෙෂන් ටෙස්ටරයේ ධනාත්මක කියවීම් ඇ‌ති කරනවා.ඒ නිසා මේ ක්‍රමයට කියනවා එනිජින් කොම්ප්‍රෙෂන් ටෙස්ට් කියලා.

එන්ජින් ලීක් ඩවුන් ටෙස්ට් කියන්නේ එන්ජින් කොම්ප්‍රෙෂන් ටෙස්ට් එකට විරැද්ධ පරීක්ෂණයක්.ඒ‌ කියන්නේ එන්ජිම මගින් වාතය එන්ජිමේ ස්පාර්ක් ප්ලග් හෝල් එක ලඟට/ග්ලෝ ප්ලග් හෝල් එක ලඟට පීඩනය කරලා රඳවා තබාගැනීමට එන්ජිමට ඇ‌ති හැකියාව මැනීම කියලා හඳුන්වන්න පුලුවන්.ඒ‌නජින් ලීක් ඩවුන් ටෙස්ට් එකේ දී සම්පීඩිත වාතය(එයාර් කොම්ප්‍රෙෂර් එකක් මගින් ලබාදෙන වාතය)ස්පාර්ක් ප්ලග් /ග්ලෝ ප්ලග් හෝල් එක හරහා සිලින්ඩර ඇ‌තුලට  ලබාදීම සිදුකරනවා.මේ නිසා ලීක් ඩවුන් ටෙස්ටර් එක සඳහා ගේජ් දෙකක් භාවිතා කරනවා(කොම්ප්‍රෙෂන් ටෙස්ටර් එකේ තියෙන්නේ එක ගේජ් එකක් විතරයි)
මේ එක ගේජ් එකකින් සිලින්ඩරය ඇ‌තුලට ලබාදෙන සම්පීඩන වායු ප්‍රමාණය මැනීම සිදුකරලා අනෙක් ගේජ් එකෙන් සිල්න්ඩර් තුලින් ලීක් වෙන වායු ප්‍රමාණයේ ප්‍රතිශතය මැනීම සිදුකරනවා.මේ සපීඩිත වායුව ලීක් වෙන ප්‍රමාණයේ ප්‍රතිශතය අනුව සිලින්ඩර්වල තත්වය සහ සම්පූර්ණ එන්ජිමේ තත්වය දැන ගැනීමේ හැකියාව තියෙනවා.

සිලින්ඩර් ඇ‌තුලට සම්පීඩිත වායුව ලබාදීමට කලින් පිස්ටන් TDC(Top Dead Center)වල පිහිටා තිබිය යුතු වෙනවා.ඒ‌ වගේම ඉන්ලට් සහ එක්සෝස්ට් වෑල් ස්ම්පූර්ණයෙන් වැසී තිබිය යුතුවෙනවා.ලීක් ඩවුන් ටෙස්ට් එකේ දී ලබාදෙන සම්පීඩිත වායුව වෑල් වලින් සහ පිස්ටන් රිංග්ස් වලින් ලීක් වෙන ප්‍රමාණණයේ ප්‍රතිශතය හරියටම බලාගැනීමට භාවිතා කරන නිසා
පිස්ටන් TDC වල නොතිබීම හේතුවෙන් සහ වෑල් ඇ‌රී තිබීම නිසා වැරදි කියවීම් ඇ‌ති කරන්න පුලුවන්.ඒ‌ නිසා ඒ‌ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

ලීක් ඩවුන් ටෙස්ටර් ගේජ් එකේ කියවීම් 0 ලෙස සටහන්වෙනවා නම් ඒ‌ කියන්නේ එන්ජිම සම්පූර්ණයෙන්ම සීල් වෙලා නැහැ කියන එකයි.ගේජ් එකේ කියවීම් ප්‍රතිශතය 5%-10% අතර නම් ඒ‌ කියන්නේ එන්ජිම හොඳ ධාවන තත්වයේ තියෙනවා කියන එක.කියවීම් ප්‍රතිශතය 10%-20% අතර නම් ඒ‌ කියන්නේ එන්ජිම තවමත් ධාවන මට්ටමේ තියෙනවා,නමුත් ඒ‌ක එන්ජිම ගැන හොඳ අවධනයෙන් සිටිය යුතුයි කියලා.ලීක් වීමේ ප්‍රතිශතය 20% හෝ ඊට වඩා වැඩියි නම්,ඒ‌ කියන්නේ එන්ජින් අලුත්වැඩියාවක් කිරීමට අවශ්‍ය වෙනවා කියන එක.ලීක් වීමේ ප්‍රතිශතය 30% කට වඩා වැඩි නම් ඒ‌ කියන්නේ එන්ජිමේ බරපතල ප්‍රශ්ණයක් තියෙනවා කියන එක.

මේ අනුව එන්ජිමන් අලුත්වැඩියාවක් සඳහා ගැලවීමට පෙර එනජිමේ සමස්ථ තත්ත්වය පිළිබදව අදහසක් ලබාගැනීමට එන්ජින් ලීක් ඩවුන් ටෙස්ට් එකක් කිරීම ඉතා හොඳ ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුලුවන්.ඒ‌ සඳහා එන්ජිමේ සිලින්ඩර් ඇ‌තුලට ලබාදෙන සම්පීඩිත් වාතය ලීක් වෙන ස්ථානයන් නිවැරදිව හඳුනාගැනීමට අවශ්‍යවෙනවා.

• ඉන්ලට් වෑල්

සම්පීඩිත වාතය විසිල් හඬක් සමග ඉන්ටේක් මැනිෆෝල්ට් එකෙන්,කාබියුරේටර්යෙන්(කාබියුරේටර් එන්ජින්)සහ ත්‍රාටල් වෑල් එකෙන් ලීක් වෙනවා නම් ඒ‌ කියන්නේ ඉන්ලට් වෑල් ලීක්.

• එක්සෝස්ට් වෑල්

සයිලන්සරයෙන්,ටර්බෝ චාර්ජරයෙන් සහ එක්සෝස්ට් මැනිෆෝල්ට් එකෙන් ලීක් වෙනවා නම් ඒ‌ කියන්නේ එක්සෝස්ට් වෑල් ලීක්.

• පිස්ටන් රිංන්ස්

සම්පීඩිත වාතය විසිල් ශබ්දයක් එක්ක PVC(Positive Crank Cause Ventilation)වෑල් එකෙන්,ඔයිල් ඩිප්ස්ටික් එකෙන්,ඔයිල් මූඩියෙන් ලීක් වෙනවා නම් ඒ‌  කියන්නේ පිස්ටන් රිංන්ස් ලීක්.(පිස්ටන් රිංන්ග්ස් හෝ සිලින්ඩර් බිත්ති)

• හෙඩ් ගෑස්කට්

රේඩියේටරයෙන්/කූලන්ට් රෙසවරයෙන් වායු බුබුලු එනවා නම් ඒ‌ කියන්නේ හෙඩ් ගෑස්කට් ලීක්.

• සිලින්ඩර් හෙඩ් ක්‍රැක්

රේඩියේටරයෙන්/කූලන්ට් රෙසවරයෙන් වතුර/කූලන්ට් උඩට ගහනවා නම්/උතුරනවා නම් ඒ‌ කියන්නේ සිලින්ඩර් හෙඩ් එක/සිලින්ඩර් බිත්ති ක්‍රැක් වෙලා කියන එක.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Related Posts

Post a Comment