-->

ස්මාර්ට් කී එහෙමත් නැතනම් ඇ‌ඩ්වාන්ස් කී කියන්නේ මොනවද?








සම්මත ඉග්නිෂන් කී බැරල් එකෙන් බැහැරව(සමහර මෝටර් රථ වල කී ස්ලොට් එකක් සහ පුෂ් බටන් එකක් ද භාවිතා වන අවස්ථද ඇ‌ත)කීෆොබ් එකක් භාවිතා කරන ඉග්නිෂන් කී වලට කියනවා ස්මාර්ට් කී එහෙමත් නැත්නම් ඇ‌ඩ්වාන්ස් කී සිස්ටම් කියලා.එවැනි මෝටර් රථ වල කීෆොබ් එකේ තියෙන කුඩා බැටරිය(3V) සහ මයික්‍රෝ චිප් සහිත විද්‍යුත් පරිපඨ මගින් නිතුත්කරන අඩු සංඛ්‍යාත රේඩියෝ තරංග,මෝටර් රථයේ තුල(සාමාන්‍යයෙන් ඩෑෂ් බෝඩ්/ස්ටීරියන් කොලම් හෝ සෙන්ටර් කොන්සෝල් එකේ යම් නිශ්චිත ස්ථානයක)තියෙන කුඩා ඇ‌න්ටෙනාවක්(රිසීවර්)මගින් ඉමොබලයිසර් කොන්ට්‍රෝල් යුනිට් එක හරහා එන්ජින් කොන්ට්‍රෝල් මොඩියුයට(ECM)එන්ජිම පණගැන්වීමට අවශ්‍ය සංඥා ලබාදෙනවා.ඒ‌ අනුව කීෆොබ් එකේ ඇ‌තුලත් කරලා තියෙන දත්ත ECM එකේ තියෙන දත්ත සමග ගැලපෙනවා නම් පමණක් ECM එක මගින් ඉග්නිෂන් සහ ඉන්ධන පද්ධතිය ක්‍රියාත්මක කරවලා මෝටර් රථය  පණගැන්වීමට සලස්වනවා.ඒ‌ වගේම කීලස් එන්ට්‍රි සඳහා කීෆොබ් සංඥා ඩෝර් හැඬල් ටච් සෙන්සරය හරහා හඳුනගෙන ඩෝර් කොන්ට්‍රෝල් මොඩියුල්/සෙන්ටර් ලොකිං මොඩියුල් වෙත ලබාගෙන එම දත්තයන් එකින් එකට ගැලපීම සිදුවෙනවා නම් පමණක් දොරවල් විවෘත කිරීමට අවශ්‍ය ඩෝර් ලොක් ඉලෙක්ට්‍රෝමැකනිකලි ඩිස්එන්ගේජ් කිරීම සිදුවෙනවා.


ඊට අමතරව සීට් මෙමරි,ඉලෙක්ට්‍රික් ස්ටීරියං කොලම් සෙටිං,පවර් මීරර් සෙටිං වැනි රියදුරු සැපපහසු සැකසුම්(Drivr’s comfort setting)ගබඩා කර තබා ගැනීම,ස්වයංක්‍රීවය මෝටර් රථය පණගැන්වීම(රිමෝට් ස්ටාර්ට්),රියදුරැ නොමැතිව මෝටර් රථය ඉදිරියට හෝ පසුපසට ධාවනය කිරීම,ඕක්සලරි හීටර් ක්‍රියාත්මක කිරීම,මෝටර් රථයේ දත්තයන්(VIN අංකය,සර්විස් හිස්ටරි ඩාටා ආ‌දිය...) ගබඩා කර තබාගැනීමේ හැකියාව තියෙනවා.

ස්මාර්ට් කී එකක් මගින් මෝටර් රථයට අදාල නොවන කීෆොබ්(Keyfob) සංඥාවක් මඟින් මෝටර් රථයේ අනතුරු ඇඟවීමේ පද්ධතිය(Ant-theft alerm system)සක්‍රීය කල වීම සහ එන්ජින් පණගැන්වීම ද අක්‍රීරීය කළ හැකිය.ඒ‌ වගේම දොරවල් ලොක්/අන්ලොක් කිරීමට කී බ්ලේඩ් එකක් හෝ රිමෝට් කොන්ට්‍රෝල් එකක් අවශ්‍ය නොවන අතර මෝටර් රථය අසලට පැමිණ දොරවල් ඇ‌රීමට හෝ වැසීමට ඩෝර් හැඬල් ටච් සෙන්සර් එක ඇ‌ල්ලීම හෝ ග්‍රැබ් හැඬල් එක තුලට අත පෙවීම පමණක් ප්‍රමාණවත් වෙනවා.ස්මාර්ට් කී එක මෝටර් රථය තුල ඕනෑම ස්ථානයක තියෙනවා නම්(කී  සංඥා හඳුනා ගැනීම සඳහා බධාවක් නැතනම්) "ENGINE START STOP " පුෂ් බටන් එක එබීමෙන් එන්ජිම පණගැන්වීමේ හැකියාව තියෙනවා.

තවත් සමහර ස්මාර්ට් කී රෝලිං කෝඩ්(rolling code)භාවිතා කරන අතර එන්ජිම පණගැන්වීමට පෙර මෝටර් රථය තුල ඇ‌ති පරිගණකය මගින් ස්මාට් කී එක හරහා මෙම රෝලිං කෝඩ් හඳුනාගැනීම සිදුකරනවා.මෙම තාක්ෂණය භාවිතා කිරීමට අවශ්‍ය වන මෝටර් රථ සොරකම් කිරීම වළක්වා ගැනීමට ස්මාර්ට් කී සඳහා පරිගණක- ගුප්තකේතනය(computer-encrypted)කරන ලද මයික්‍රෝචීප ද භාවිතා කරනවා.

ඒ‌ නිසා වෙනත් මෝටර් රථයකට අදාල ස්මාර්ට් කී එකකින් තවත් මෝටර් රථයක දොරවල් විවෘත කිරීමට හෝ එහි එන්ජිම පණගැන්වීම් කිරීමට භාවිතා කළ නොහැකි වෙනවා.ඒ කියන්නේ එක් මෝටර් රථයක කී එකක් අදාල මෝටර් රථයට පමණක්ම ගැළපෙන ලෙස කේතනය
(Coding)කරලා තියෙනවා කියන එකයි.

ඒ‌ නිසා අද පවතින නවීන මෝටර් රථ වල භාවිතා කරන ස්මාර්ට් කී මගින් දොරවල් ලොක්/අන්ලොක් කිරීමට වඩා බොහෝ දේවල් කරන්න පුලුවන් හැකියාව තියෙනවා.

මේ වගේ ස්මාර් කී භාවිතා කරන මෝටර් රථ වල කී බැටරිය දුර්වල නම් හෝ කී බැටරිය බැස ඇ‌ත් නම් රිසීවර් ඇ‌න්ටෙනා දෝෂ සහිත නම්,කී පොබ් දෝෂ සහිත නම් හෝ කී සංඥා හඳුනාගැනීම සඳහා බාධා වීම්(Interference)සහිතනම් මෝටර් රථය පණගැන්වීමට නොහැකි වෙන අතර key ont recognise හෝ key not in the car ටෙක්ස්ට් මැසේජ් එකක් සහ වර්නිං ලයිට් එකක් ඩෑෂ් බෝර්ඩ් මත දැක්වීම ද සිදුකරනවා.

ස්මාර්ට් කී එහෙමත් නැත්නම් ඇ‌ඩ්වාන්ස් කී එක අඩු සංඛ්‍යාත රේඩියෝ තරංග මගින් ක්‍රියාත්මක වන නිසා සමහර අවස්ථාවල දී එම සංඥා හඳුනාගැනීමට බාධා ඇ‌ති වෙන අවස්ථා ඇති වන අතර  ඒ‌ සඳහා බලපාන හේතු ලෙස;

• කී බැටරිය බැස තිබීම හෝ දුර්වල වීම.

• කී එක,මෙහෙයුම් සංඥා පරාසය ඇ‌තුලත නොවීම.

• කී ඉමොබලයිසර් පද්ධතියට කී සංඥා හඳුනාගැනීමට දුෂ්කර ස්ථානයක තිබීම.

• කී එකට සමාන වෙනත් මෝටර් රථයක කී සංඥා මෙහෙයුම් පරාසය තුල තිබීම හෝ රේඩියෝ සම්ප්‍රෙෂණ කුලුණු/දුරකථන/විදුලි සංදේශ කුලුණු,අධි වෝල්ටීයතා විදුලි කණු අසන්නයේ දී සහ මැග්නටික් ෆීල්ඩ් එකට නිරාවරණය වන තැන්වල දී ස්මාර්ට් කී සංඥා වලට බධා ඇ‌ති වීම.

• ඉග්නිෂන් ඔන්කර කී එක මෝටර් රථයෙන් ඉවත් කිරීම හෝ ඉවත් කර තිබීම.

• ජංගම දුරකථන/ඉලෙක්ට්‍රොනික් උපාංග/සමඟ එකට ගෙන යාම හෝ අඩු සංඥා ඇ‌ති ස්ථානයක තිබීම හෝ අඩු සංඛ්‍යාත ගුවන්විදුලි තරංග නිසා බාධා ඇ‌තිවීම දැක්විය හැකිය.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

1 comment

  1. නියමයි
    තෑන්ක්ස් ආ 😉😃😎

    ReplyDelete

Post a Comment