-->

පරිගණකයේ සුපුරැදු දර්ෂන නොලැබීමට හේතු හා පිලිතුරැ

පරිගණක භාවිතයේදී එදිනෙදා මතු වන දෝෂ බොහොමයක් පහසුවෙන් හඳුනාගෙන නිරාකරණය කර ගැනීමට පුලුවන් ඒවාය. ඒ සඳහා ක්‍රමවත් අනුපිළිවෙලක් ඔස්සේ පිළියම් යෙදිය යුතුය. මෙය හඳුන්වන්නේ පරිගණකවල දෝෂ සමනය කිරීම (trouble shooting) කියාය.

ඔන්න හැබැයි මම මේක කියල දුන්නට ඔයාලට තියෙන ප්‍රශ්ණ වලට උත්තර තියෙන්නෙ නැති වෙයි. ඉතිං ඒවට මට කරන්නනම් දෙයක් නෑ. මොකද මම හැමෝගේම තියෙන ප්‍රශ්ණ දන්නෙ නෑනේ. අනික මම මේක පොඩ්ඩක් කඩ්ඩෙන් දෙන්නයි යන්නේ හොඳේ!!තව දෙයක්. මම මේක කොටස් දෙකකින් තමා ඔයාලට දෙන්න යන්නේ. එහෙනම් පටං ගමු.
 පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේදී එහි ඩෙස්ක්ටොප් එක මතුනොවීමේ දෝෂය හෙවත් සුපුරැදු තිරය නොලැබීමේ දෝෂයට පිළියම් යෙදීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙල මෙසේය. මෙම දෝෂ සම්භන්ධයෙන් මූලිකව අවස්ථා තුනක් ඇති වෙන්න පුලුවන්. ඒව තමයි,
     1. සිස්ටම් යුනිට් එක ඔන් නොවේ. මොනිටරයද ඔන් නොවේ.
     2. සිස්ටම් යුනිට් එක ඔන් වේ. මොනිටරය ඔන් නොවේ.
     3. සිස්ටම් යුනිට් එක ඔන් වේ. මොනිටරයඔන් වේ. එහෙත් ඒවා විවිධ දෝෂ පෙන්වනවා මිස හරි හැටි ක්‍රියා නොකරයි.

සිස්ටම් යුනිට් එකෙහි ඉදිරිපස ඇති එල්ඊඩී(LED) බල්බ් දැල්වේ නම් ඉන් කියවෙන්නේ එයට විදුලිය ලැබෙන බවත් එහි මූලික ක්‍රියා කාරිත්වයන් සිඳුවන බවත්ය. සිස්ටම් යුනිට් එක ඔන් වීම කියා කියන්නේ මෙයයි. මොනිටරයට විදුලිය ලබා දී එය ඉදිරිපස ඇති 'Power On' ස්විචය ක්‍රියාත්මක කල විට එහි ඉදිරිපස ඇති එල්ඊඩී බල්බය (Power LED) දැල්වීමෙන් පෙන්වන්නේ එයට විදුලිය ලැබෙන බවත් එහි මූලික ක්‍රියාකාරිත්වයන් සිඳුවන බවත්ය. මොනිටරය ඔන් වීම කියා කියන්නේ මෙයයි.

සිස්ටම් යුනිට් එකද, මොනිටරයද ඔන් නොවීමට හේතු හා ඒවා සමනය කරගන්නා හැටි
1. පරිගණකයට විදුලිය සපයන කෙවෙනි වල, කේබල්වල දෝෂයක් නිසා එය වෙත විදුලිය නොලැබීම නිසා ඉහත කී දෝෂය මතුවෙන්න පුලුවන්. එම දෝෂණය සමනය කරගැනීමට මෙම පරිගණකයේ පවර් කේබල් වෙනත් උපාංගයකට සවි කර ඒවා හරිහැටි ක්‍රියාත්මක වෙනවාදැයි බලන්න. දැන් කෙවෙනි හෝ මෙම කේබල්වල දෝෂයක් ඇති බව පෙනේ නම් ඒ වෙනුවට වෙනත් ඒවා යොදන්න වෙනවා.

2. පරිගණකය සමඟ UPS (Uninterruped Power Supply {මම දන්න විදිහට}) උපකරණයක් භාවිතා කරන්නේනම් එහි දෝෂයක් නිසා පරිගණකයට විදුලිය නොලැබීමෙන් මෙම දෝෂය මතු වෙන්න පුලුවන්. එය මඟ හරවා ගැනීමට යූපීඑස් එක විසන්ධි කර පරිගණකය කෙලින්ම ප්‍රධාන විදුලියට සම්භන්ධ කර පරීක්ෂා කරන්න. එවිට පරිගණකයේ අඩුම තරමින් සිස්ටම් යුනිට් එක හෝ ඔන් වේනම් දෝෂය ඇත්තේ යූපීඑස් එකේය. නිවසට සැපයෙන ප්‍රධාන විදුලි බල සැපයුුමේ වෝල්ටීයතාවය අඩු වීම නිසාද මුලින් කී දෝෂය ඇතිවිය හැක. රාත්‍රී කාලයට වැඩිවන පරිභෝජනය නිසා හෝ වැසි අකුණු ආදී උපද්‍රවව නිසා විදුලිබල සැපයුම් පද්ධතියට හානිවීම මෙයට හේතුවිය හැකිය. එවිට කල යුත්තේ විදුලි සැපයුම යථා තත්වයට පත්වූ පසු පරිගණකය ක්‍රියාත්මක කිරීමයි.

3. ඉහතින් කී සියලු අවස්ථාවන්වලට අනුවත් දෝෂය සමනය නොවේ නම් දැන් සැක කළ හැක්කේ සිස්ටම් යුනිට් එකෙහි ඇති පවර් සප්ලයි යුනිට් එක සහ මොනිටරය දැවී ගොස් ඇති බවය. දැන් කල යුත්තේ පළපුරැදු කාර්මිකයෙකු ලවා පවර් සප්ලයි එක සහ මොනිටරය අලුත්වැඩියා කරගත යුතුය. නැත්නම් අලුත් ඒවා යෙදිය යුතුය.


සිස්ටම් යුනිට් එක ඔන් වී මොනිටරය ඔන් නොවීමට හේතු හා ඒවා සමනය කිරීම
1. මොනිටරයට විදුලිය නොලැබීම නිසා මොනිටරය ඔන් නොවී තිබිය හැක. විදුලිය සපයන කේබලයේ දෝෂයක් හෝ කෙවෙනියේ දෝෂයක් නිසා මෙය සිඳුවිය හැක. කේබලය වෙනත් උපාංගයකට සම්භන්ධ කර හෝ වෙනත් කේබලයක් වෙනත් කෙවෙනියක් වෙත සම්බන්ධ කර මොනිටරය ඔන් වේදැයි බැලිය හැක.

2. මෙවිටත් දෝෂය පවතීනම් මොනිටරය අක්‍රිය වී ඇති බවට සැක කල හැක. මොනිටරය අක්‍රිය වන්නේ එක්කෝ ප්‍රධාන විදුලි බල සැපයුමේ දෝෂයක් නිසා හෝ අකුණු සැරයක් නිසා මොනිටරය වෙත අධිවේගී වෝල්ටීයතාවයක් ලැබීමෙනි. නැතිනම් මොනිටරයේ අභ්‍යන්තර උපාංග වල දෝෂයක් නිසාය.

3. සිස්ටම් යුනිට් එකට වෙනත් මොනිටරයක් සවිකර බැලූ විට එය ක්‍රියාත්මක වේනම් දැන් නිසැකවම මුලින් තිබූ මොනිටරය අක්‍රිය වී ඇති බව තීරණය කල හැකිය. දැන් කල යුත්තේ අලුත් මොනිටරයක් යෙදීම හෝ දෝෂ සහිත මොනිටරය පලපුරැදු කාර්මිකයෙකු ලවවා අලුත්වැඩියා කරවා ගැනීමයි.


සිස්ටම් යුනිට් එක ඔන් වී මොනිටරය ඔන් වූවත් ඒවා විවිධ දෝෂ පෙන්වීමට හේතු හා ඒවා සමනය කිරීම.
1. මොනිටරයේ දීප්තිය අඩුවී තිබීම - මෙවෙනි අවස්ථාවලදී මොනිටරයේ පවර් බල්බය කොළ පැහැයෙන් දැල්වේ. එය ආරම්භයේදී තැබිලි පැහැ වන අතර කොළ වර්ණයට පත් වන්නේ මොනිටරය වෙත වීඩියෝ සංඥා ලැබේ නම් පමණි. මොනිටරයේ ඉදිරිපස ඇති මොනිටරයේ ගුණ හැසිරවීමේ ස්විච අත්වැරදීමකින් අනවශ්‍ය සැකසුම්වලට යාම නිසා එහි දීප්තිය අඩුවීමත් රෑප නොපෙනී යාමත් සිදුවිය හැකිය. එසේම මොනිටරයේ අභ්‍යන්තර කොටස්වලට දෝෂ නිසාද මෙසේ දීප්තිය නොලැබී යා හැකිය. මෙනිසා මුලින්ම කල යුත්තේ මොනිටරයේ සැකසුම් කල හැකි ස්විච නිසි සැකසුම් වෙත ගෙනෙවිත් බැලීමය. එවිටත් දෝෂය පවතීනම් මොනිටරය දෝෂ සහිත වී ඇත. මෙවිට සිස්ටම් යුනිට් එක සාමාන්‍ය පරිදි බීප් හඩක් සහිතව ක්‍රියාත්මක වී එහි ඉදිරිපස රතු බල්බය මුලින් ටික වේලාවක් කඩින් කඩ දැල්වේනම් මොනිටරය දෝෂ සහිත වී පැවතීමට ඇති ඉඩකඩ වැඩිය. එය තහවුරැ කරගැනීමට වෙනත් මොනිටරයක් පද්ධතියට සවිකර බැලිය හැක. එහිදී මොනිටරයේ දෝෂයක් හඳුනාගතහොත් එය පලපුරැදු ඉලෙක්ට්‍රෝනික උපකරණ අලුත්වැඩියා කරන්නෙකු ලවා අලුත්වැඩියා කරවා ගත හැකිය
2. පරිගණකය ක්‍රියාත්මකව තිබී ටික වේලාවකින් නැතව ඕෆ් වීම - සිස්ටම් යුනිට් එකෙහි යම් දෝෂයක් නිසා පද්ධතිය ක්‍රියාත්මක වී ස්වල්ප වේලාවකින් නැවත ස්වයංක්‍රීයව ඕෆ් විය හැක. මෙයට හේතුව කේසින් එකෙහි පවර් ස්විචය සිරවී තිබී නැවත ටික වෙලාවකින් එම සිරවීම ඉවත්වී ස්විචය සම්භන්ධ වීමයි. නැතහොත් මව් පුවරැවේ හෝ රැම් එකෙහි අභ්‍යන්තර දෝෂයක් නිසා ද මෙය දිසු විය හැක. මෙම දෝෂය මඟ හරවා ගැනීම සඳහා මෙම දෝෂය මඟ හරවා ගැනීම සඳහා ස්විචය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේදැයි බැලි යුතුය. ස්විචය හොඳ තත්වයේ තිබේනම් රැම් කාඩ්ස් වැනි අභ්‍යන්තර උපාංග පිරිසිදු කර නැවතත් සවිකර පරීක්ෂා කල හැක. එවිටත් දෝෂය සමනය නොවේ නම් මව්පුවරැවේ හෝ පවර් සප්ලයි එකෙහි දෝෂයක් තිබේ යැයි සැක කල හැක. 

3. සිස්ටම් යුනිට් එකෙහි දෝෂ නිසා දර්ශන තිර නොලැබීම - මෙවිට මොනිටරයේ පවර් බල්බය තැඹිලි පැහැයෙන් දැල්වේ. එය කොළ වර්ණයෙන් දැල්වෙන්නේ මොනිටරය වෙත සංඥා ලැබේ නම් පමණි.

මෙවැනි අවස්ථාවලදී තිබෙන දෝෂය සොයා ගැනීමට පහත දැක්වෙන උපක්‍රම අනුගමනය කල හැක.

1. සිස්ටම් යුනිට් එක ඔන් වීමේදී බීප් හඬක් ලැබෙන අවස්ථාව - පරිගණකය ඔන් වීමේදී සාමාන්‍යයෙන් බීප් හඬක් ලැබෙන අතර ඉන් පසුව මොනිටරය මත මූලික දර්ෂන තිරය ලැබිය යුතුය. බීප් හඩක් ලැබේනම් සහ මොනිටරයේ පවර් බල්බය කොල පැහැ වේ නම් දැන් පරිගණකයේ දර්ෂණ තිරය ලැබිය යුතුය. එහෙත් බීප් හඬ ලැබෙන නමුත් මොනිටරයේ ඩේටා කේබලය හරි හැටි සවි වී තිබේ දැයි එය නිසි පරිදි තිබේ දැයි ද පරීක්ෂා කළ යුතුය. 

2. සිස්ටම් යුනිට් එක ඔන් වීමේදී බීප් හඩක් නොලැබෙන අවස්ථාව - මෙවිට මුලින්ම පරිගණකයේ ස්පීකරය නිවැරදිව තිබේදැයි මල්ටිමීටරයක් යොදා ගෙන මල්ටිමීටරය හරහා ධාරාවක් ගමන් කරන්නේ දැයි පරීක්ෂා කල යුතුය. ස්පීකරයට මල්ටිමීටරය සම්භන්ධ කල විට විදුලි ධාරාවක් පෙන්වයි නම් ස්පීකරයේ දෝෂයක් නැත. දැන් නිසැකවම දෝෂය ඇත්තේ මව්පුවරැවේ හෝ ප්‍රොසසරයේය. මෙම දෝෂ තත්වය මඟ හරවා ගැනීමට මුලින්ම කල යුත්තේ මවුපුවරැවට සම්භන්ධ උපාංග ගලාව මවුපුවරැව හොඳින් පිරිසිදු කර සීමෝස් බැටරිය ද ගලවා මඳ වේලාවක් තබා නැවත සවි කර රැම් කාඩ්ස් ඩිස්ප්ලේ ඇඩැප්ටර් යනාදිය පමණක් සවිකර පරිගණකය ක්‍රියාත්මක කර බැලීමයි.

3. එවිටත් මොනිටරයෙන් මූලික දර්ෂන තිරය නොලැබේ නම් දැන් මවුපුවරැව හා ප්‍රොෙසසරය වෙනත් පරිගණකයකට සවි කර පරීක්ෂා කර බැලැය යුතුය. එවිට දෝෂ සහිත උපාංගය කුමක්දැයි හඳුනාගත හැක. එය අලුතින් යෙදිය යුතුය. 

4. සිස්ටම් යුනිට් එක ඔන් වීමේදී වරින් වර බීප් හඩක් ලැබෙන අවස්ථාව - මෙසේ බීප් හඩ ලැබෙන තාලය අන්ව පරිගණකයේ ඇති දෝෂය තීරණය කල හැක. මෙසේ බීප් හඩ ලැබෙන තාලය සහ එයට අදාල දෝෂය එක් එක් පරිගණකය වර්ගය අනුව වෙනස් වේ.

5. එසේම මව්පුවරැවේ බයෝස් චිපය අන්වද ලැබෙන බීප් නාදවලින් දන්වන පණිවිඩය වෙන් වේ. එහෙත් පොදුවේ ඕනෑක පරිගණකයකින් නැගෙන බීප් හඩ රටා අනුව පරිගණකයේ දෝෂය හඳුනාගැනීමට පහත දැක්වෙන වගුව උපයෝගී කර ගත හැක.

Related Posts

Post a Comment