එයාර් බෑග්
එයාර් බෑග් නිසා සාපේක්ෂව සුලු අඩු වේගය අනතුරු වලදී එයාර් බෑග් පිපිරීමේ ප්‍රතිඵලයක් ලෙස මරණ ඇතිවී ඇතිබව මෑත වසරවල දී ප්‍රවෘති පලවී තිබේ.විපතට පත් මගීන් අතර ආසන මත කුඩා දරුවන් හෝ ළදරුවන් හෝ ආසන පටි රහිතව එයාර් බෑග් වලට ඉතා සමීප වූ කුඩා ගැහැණු වැඩිහිටියන් රියදුරන් පත්වී ඇත.මෙම පුද්ගල මරණ,සමහර අවස්ථාවල දී,ළදරු ආසන අනිසි ලෙස භාවිත කිරීම හෝ ආසන පටි භාවිතා නොකිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇත.එහෙත් පැයට කිලෝමීටර් 48 ක(පැයට සැතපුම් 30)අනතුරකින් ආසන පටිරහිතව කිලෝග්‍රෑම් 72 ක් බර පිරිමි වැඩිහිටි රයදුරන් ආරක්ෂා කිරීමට එයාර් බෑග් පිපිරවීමට ප්‍රමාමාණවත් බලය යෙදවීමට භාවිතා කිරීමට මෝටර් රථ නිෂ්පාදකයින්ට ඉදිරිපත් වී ඇති අනෙක් චෝදනාවයි.එයාර් බෑග් වලට ඉතා සමීප දරුවන් හා කුඩා වැඩිහිටියන් බරපතල තුවාල හෝ මරණය පවා ඇති විය හැකි නිසා මෙම වේගය අවශ්‍යවේ.යුරෝපයේ එයාර් බෑග් නීති අනුව 30% අඩු බලයකට එයාර් බෑග් පිපිරීමට ඉඩදී ඇති නිසා එයාර් බෑග් නිසා මරණ ඇතිවී නැත.
ඇ.එ.ජ ජාතික අධිවේගී මාර්ග රථ වාහන හා ආරක්ෂාව පිළිබඳ පරිපාලනයේ(National Highway Traffic & Safety Administration-NHTSA) ඔවුන්ගේ රෙගුලාසිවල සමාලෝචනය අනුව දැන් මෝටර් රථ නිෂ්පාදකයින්ට අඩු බලවත් එයාර් බෑග් භාවිතා කිරීමට ඉඩ දී ඇත.NHTSA දැන්,මෝටර් රථ නිෂ්පාදකයින්ට එයාර් බෑග් සම්පූර්ණයෙන් අක්‍රීය සඳහා ස්විච් එකතු කිරීමට ඉඩ ලබා දෙන අතර පාරිභෝගිකයන්හට යම් නිශ්චිත තත්වයන් යටතේ තම එයාර් බෑග් විසන්ධි ස්ථාපනය ස්විච (වෘතිකයන් විසින්) ඇති කිරීමට ඉඩ දෙයි.
මෝටර් රථ නිෂ්පාදකයින් අනතුරැ තත්වයන් මත පදනම්ව යෙදවීම් වේගය සහ බලය වෙනස්වීම් වලට ක්‍රමවත්ව "අනුවර්තී"(Adaptive")එයාර් බෑග් පද්ධති සංවර්ධනය කෙරේ. එවැනි ක්‍රම තත්ත්වය යටතේ වේග බලපෑම මත ආසන මත වඩිවී සිටින ආකාරය සහ මගියාගේ ප්‍රමාණය මත පදනම්ව එයාර් බෑගයේ යෙදවීම්(deploy)බලය වෙනස් කරයි.
මෑත වසර කිහිපය තුළ දී එයාර් බෑග් සම්බන්ධ ගැටළු සඳහා බොහෝ සිහිකැඳවීම්(Recall)වාර්ථා වී තිබේ. මෙම විෂයය පිළිබඳ වැඩි විස්තර සඳහා Airbag Recalls බලන්න.නැතහොත් ඔබගේ බලය ලත් අලෙවි නියෝජිතයා අමතන්න.
එම කරැනු නොතකා කුමන වර්ගයේ එයාර් බෑග් පද්ධතිය වාහනයක් නමුත් සියලූම රථවාහන නිෂ්පාදකයින් සුක්කානම සිට හැකි ඈතින් වාඩිවීම හා ළදරුවන් හා වයස අවුරැදු12 ක් සහ ඊට අඩු දරුවන් පිටුපස ආසන මත ඔවුන්ගේ ආසන පටි භාවිතා කිරීම ඉල්ලා සිටිනලෙස ඉල්ලා ඇත.
මහා පිපිරුම් න්‍යාය
සියලු එයාර් බෑග් පද්ධති පොදු හවුල් එක් දෙයක් ක්‍රෂ් සෙන්සර් සඳහා යොදාගනී.න්‍යාය තුල,එයාර් බෑග් පමණක් අවුලුවාලීමට තරම් දරුණු ගැටීමදී,පාලනය ඉලෙක්ට්‍රොනිකව හෝ සමහර අවස්ථාවල දී යාන්ත්‍රිකව පුපුරැවාහැරීමේ පින්(firing pin)යොදා තිබිය හැක.
බොහෝ මෝටර් රථ වාහන සමාගම් එයාර් බෑග් පුපුරවා හැරීමට පෙර අවම බලය වශයෙන් කිලෝග්‍රෑම් 45 ක බලපෑමක උත්පාදනයක් අවශ්‍ය බව අත්දැකීමෙන් පවසති.බොහෝ වාහන සඳහා,මෙය පැයට කිලෝමීටර් 20-25 ත්(පැයට සැතපුම් 12-15 ත්)අතර ඝන බාධකයක හැපීම හෝ පැයට කිලෝමීටර් 40 ක(පැයට සැතපුම් 25 ක)පමණ වේගයෙන් තවත් වාහනයක හැපීමකට සමාන වනු ඇත.යථාර්ථය නම්,එයාර් බෑග් ඉහළ හෝ අඩු වේග අනතුරැ වලදී පුපුරා යා හැක.එයාර් බෑග් ද පෙරලීමකදී(rollovers)හෝ පැත්තක හෝ පසුපස ගැටුම් වලදී පුපුරා යාමට වලක්වා නැති,නමුත් සමහර විට එසේ ද විය හැකිය.ඇත්ත වශයෙන්ම,එයාර් බෑග් ඉදිරි ගැටුම් වලින් පමණක් ආරක්ෂා කිරීමට සැලසුම් ඇති අතර ඊට අමතරව ඉහත ආකාර පෙරලීමකදී,පැති ගැටීමකදී එයාර් බෑග් මගින් යමි ආරක්ෂාවක් ලැබුනත් පසුපසින් අතිවන ගැටීමකදී මගීන් ආරක්ෂා කිරීමට කිසිවක් කර නැත.
වීඩියෝ සඳහා : http://youtu.be/8YB6sPVJHj0
එයාර් බෑගය ක්‍රෂ් සෙන්සර්
ක්‍රෂ් සෙන්සර් වර්ග කිහිපයක් ඇත.පොදුවේ භාවිතා සෙන්සර් ඉලෙක්ට්‍රෝමැකනිකල් වර්ගයට අයත් "gas dampened ball and tubedesign" ඒවා වේ.මෙම සෙන්සර් කුඩා ටියුබයකට වැඩි යමක් නොමැති අතර එහි අවසානයේ ස්විච් සමග රන් ආලේපිත කුඩා වානේ බෝලයකින් සහ අනෙක් පස කුඩා චුම්භකයක් පැවතී.මෙම සෙන්සරය වානේ බෝලය ලිහිල් කිරීමට ප්‍රමාණවත් ගැටීමක් ඇති වූ විට වානේ බෝලය චුම්භකයෙන් ගිලිහී ටියුබයේ පහළට පෙරලී ගමන් කර ස්විචයේ වැදී අතර පරිපථය සම්පූර්ණ වේ.ගැටීමෙන් පසු වානේ බෝලය එහි මුල් ස්ථානය වෙත ආපසු යුතු නිසා ටියුබය ඉහළට බෑවුම් වේ.
තවත් පොදු ක්‍රෂ් සෙන්සර් හදිසි වේග පාලනය(sudden deceleration)යටතේ කුඩා ලෝහ රෝලර් ඉදිරියට තල්ලුවී ස්විච ක්‍රියා කරවයි.
සමහර වාහන "spring and mass" වර්ගයේ ක්‍රෂ් සෙන්සර් භාවිතා කරයි.මෙහිදී ස්ප්‍රින් ලෝඩ් මත බර පටවා ඇති අතර ගැටීමේ බලපෑම මගින් පරාවර්තනයකට ලක් කර ස්විචය වසා දමනු ලබයි.දැන් බොහෝ නව වාහන වල භාවිතා වන solid state ක්‍රෂ් සෙන්සර් piezoelectric crystal හෝ "micromachined accelerometer" චීපයකින් සමන්විත වන අතර ගැටීමකදී ඉලෙක්ට්‍රොනික සංඥා නිපදවයි.
බොහෝ ක්‍රෂ්සෙන්සර් දෘඪ ගැටීමකින් පසු ස්වයංක්‍රීයව එය විසින්ම නැවත සකස් වනු ඇති අතර සමහර මෝටර් රථ නිෂ්පාදකයින් ඔවුන්ගේ ක්‍රෂ් සෙන්සර් වලට ප්‍රමාණවත් හානි සිදු නොවන තාක් කල් රිය අනතුරකින් පසු ප්‍රතිස්ථාපනය කළ යුතු නැති බව පවසති.Acura, Audi, Chrysler, Ford, Infinity, Lexus, Mazda, Nissan and Toyota යන රථවල මෙවැනි ක්‍රෂ් සෙන්සර් ඇත.ඇත්තෙන්ම ඇති ගැටලුව නම්,අනතුරකින් පසුව සෙන්සරයට හානි වී ඇත්ද හෝ එය විසින්ම නැවත සකස් කිරීමට අසමත් වී ඇත් නැද්ද යන්න තහවුරු කිරීම දැන ගැනීමයි.
වස්තූන් මතට පැනීමකදී හෝ මන්දගාමී වේගයකදී ෆෙන්ඩරය නැවීමක ප්‍රතිඵ ලෙස ඇති විය හැකි ව්‍යාජ පිපිරීම් වලක්වා ගැනීම සඳහා බොහෝ එයාර් බෑග් පද්ධතිවල "ආරක්ෂක"("safety")හෝ "සන්නද්ධ"("arming") සෙන්සර් එකක් හෝ දෙකක් මගී මැදිරිය තුල(in passenger compartment)එනම් ඩෑෂ් හෝ අසන යට,එයාර් බෑග් පාලනය මොඩියුලය තුල හෝ ස්ටීරියන් වීල් මොඩියුලය තුල ඇත.ආරක්ෂක සෙන්සර් ප්‍රමාණවත් අනුපාතයකට පහත බැසීමතකට(deceleration)මුහුණ පෑමකදී හැර එය එයාර් බෑග් පුපුරායාමට ඉඩනොදේ.(සාමාන්‍යයෙන් ක්‍රෂ් සෙන්සරය බිඳවැටීමකට වඩා අඩු ගැටීමකදී හැර)
මෙම ආරක්ෂක සහ ක්‍රෂ් සෙන්සර් යන දෙකම ගැටීමක් මගින් පත්තුවේ (triggered)නම් පමණක් එයාර් බෑග් පාලන මොඩියුලය මගින් එයාර් බෑගය දිගහැරීමට හැරීමට අවසර ලබාදේ.එය මුද්‍ර තබන ලද පිම්බීම(inflator)තුල ඇති "squib" වෙත වෝල්ටීයතාවයක් සැපයීම මගින් කරනු ලබයි.අයදුම් කරනු ලබයි. මෙම squib සෝඩියම් ඒසයිඩ් පතුරැ(sodium azide pellets)පුපුරා යාමට සලස්වා එමගින් අහිතකර නයිට්‍රජන් වායුව ඉන්ෆෙලේටර(inflator)තුල නිෂ්පාදනය කර පුපුරා යාමට සලස්වයි.ප්‍රොෆලන්ට් (propellant)හෝ නොදැවුණු අංශු(unburned particles)ගෑස් සිසිල් වීමට උපකාර වන පෙරනයක් තුළින් යවීමට සලස්වා එයාර් බෑගය එහි හවුසිම තුලින් පුපුරා යාමට සලස්වා එය මිලි තත්පර 30-55 ත් අතර තුරදී හැකිලීයාමට සකසා ඇත.(එය ඔබේ ඇසිපිය හෙලීමට ගත වන කාලයටත් වඩා අඩු කාලයකි)
යාන්ත්‍රික එයාර් බෑග් පද්ධති
වාහන කීපයක් අද (ජගුවාර් සහ ටොයෝටා රථ) ස්වයං අන්තර්ගත "යාන්ත්‍රික" එයාර් බෑග් වලින් සමන්විත වේ.බ්‍රීඩ් ඔටෝමෝටිව්(Breed Automotive)විසින් නිපදවන පද්ධති වලින් (ඊට සමාන බ්‍රීඩ් ආෆ්ටර් මාර්කට් ඇඩ් ඔන් ලෙස රියදුරු පැත්තේ එයාර් බෑග් ලබා ගත හැකිය)සමන්විත වේ.යාන්ත්‍රික එයාර් බෑග් පද්ධති යාන්ත්‍රික විදුලි(electromechanical) හෝ ඉලෙක්ට්‍රොනික්(electronic)ක්‍රෂ් සෙන්සර් භාවිතා නොවේ.
එයා එයාර් බෑග් දිගහැරීම සඳහා ප්‍රොපලන්ට්(ගුවන් යානා ඉන්ධන විශේෂයක්)පත්තු කිරීමට යාන්ත්‍රික ස්විචයක් භාවිතා කරයි.එය බිම් බෝම්බයක් වගේ ක්‍රියාකරයි.එයාර් බෑග් එකලස තුල යාන්ත්‍රික සෙන්සරයේ ෆයරින් පින් එක තල්ලු කරීමට තරම් දැඩි ජොල්ට්(jolt)එකක් ඇතිවන ගැටීමකදී ෆයරින් පින් මගින් ප්‍රාථමිකය ලබාදෙන අතර සෝඩියම් ඒසයිඩ් පතුරැ(sodium azide pellets)එයාර් බෑගය පුපුරැවාහරී.යාන්ත්‍රික පද්ධතිය,රිය අනතුරකින් පසු එය වඩාත් පහසුවෙන් (හා මිල අඩු) මාරැකල හැකි ඉලෙක්ට්‍රොනික පාලන හෝ අමතර සෙන්සර් සහ යම් විදුලි සැපයුමකින් තොර විය යුතුය.
ක්‍රෂ් සෙන්සර් පරීක්ෂාව
සෑම එන්ජින් පණ ගැන්වීමකදීම එයාර් බෑග් පාලනය මොඩියුලය ක්‍රෂ් සෙන්සර් ස්වයං පරීක්ෂාවකට ලක්කරනු ලබයි.යම් විදිහකින් එයාර් බෑග් අනතුරු ඇඟවීම් ආලෝකය දැල්වී තිබේ නම් සෙන්සරයේ වරදක් නැතිබව උපකල්පනය කෙරේ.එයාර් බෑග් අනතුරු ඇඟවීම් ආලෝකය දැල්වී තිබේ නම් සහ දෝෂය හඳුනා ගත්තේ සාමාන්‍යයෙන් එයාර් බෑග් පද්ධතිය අක්‍රීය කරනු ලැබේ.ස්කෑන් ටූල් එකක් භාවිතා කර,පද්ධතියේ දෝෂ කේතය(trouble code)හඳුනාගෙන සුදුසු රෝග විනිශ්චය සටහන් සඳහා නිසි සේවා අත්පොත පරීක්ෂා කරන්න.එයාර් බෑග් සේවා තොරතුරු වාහනය නිෂ්පාදකයාගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.එයාර් බෑග් පද්ධතියේ ඕනෑම තැනක සම්බන්ධතාව ගිලිහීම හෝ එයාර් බෑග් පාලන මොඩියුලයේ බල සැසයුම ගිලිහීයාම සාමාන්‍ය පොදු හේතුවේ.
ක්‍රෂ් සෙන්සරය මුද්‍රා සහිත ඒකකයක් වන නිසා හැම විටම බාහිර පෙනුමෙන් එහි සැබෑ තත්ත්වය තීරණය කළ නොහැක.පැහැදිලිවම ගැටීමක් හෝ වෙනත් හානිවීමක ප්‍රතිථලයක් ලෙස භෞතික හානි සිදු කර ඇති ඕනෑම අවස්ථාවක නව සෙන්සර් මාරැ කරගත යුතුය.බොහෝ ඉලෙක්ට්‍රෝමැකනිකල් සෙන්සර් එහි ඉතිරි තත්ත්වය ඉලෙක්ට්‍රිකල් වශයෙන් විවෘත කළ හැකි පරිදි නිර්මාණය කර ඇත. ඒ නිසා ඔබ ඉටු කළ හැකි එක ඉක්මන් පරීක්ෂා කිරීම නම් ඕම් මීටරයක් සමග අඛන්ඩතාවය(continuity)පරීක්ෂා කිරීමයි.සෙන්සරයේ සබඳතා වසා ඇත් නම් නම්,එය නැවත සකස් කිරීම සිදු කර නැති ඇති අතර ඒ වෙනුවට නව සෙන්සරයක් මාරැ කළ යුතු ය.
අවධානයට!(CAUTION!):එයාර් බෑග් පාලන මොඩියුලය පළමුව අක්‍රීය කර මිස(හෝ හදිසි අනතුරක් හේතුවෙන් යොදවා ඇතිවිට) යම් ක්‍රෂ් සෙන්සරය පරීක්ෂා කිරීමට හෝ ඉවත් කිරීමට උත්සාහ නොකරන්න.ස්ටීරියන් බේස් එකෙන් එයාර් බෑග් කනෙක්ටරය ගලවා ඉවත් කිරීමෙන් එයාර් බෑගය අක්‍රීය කල හැකි අතර එයාර් බෑගය ගලවා ඉවත් කිරීම සඳහා අදාල අයදුම් (application)අනුව බැටරිය විසන්දී කර විනාඩි 10 ක් හෝ ඊට වැඩි කාලයක් බලා සිටීමට සිදුවිය හැකිය(සෑම විටම නිසි විසන්ධි කිරීමේ හා ඉවත් කිරීමේ පටිපාටිය සඳහා සේවා අත්පොත වෙත යොමුවන්න)
එසේම, සජීවී එයාර් බෑග් පද්ධති රැහැන් මත ස්ව-බලැති ටෙස්ට් ලයිට්(self-powered test light)හෝ ජම්පර් වයර් භාවිතා නොකල යුතුය.වැරදි පරිපථයට වෝල්ටීයතා සැපයීමෙන් වැරදී ඔබ එයාර් බෑගය අවුලුවාලිය හැකිය!
අනතුරකින් වී ඇති වාහනයක ඉලෙක්ටෝමැකනිකල් සෙන්සරයක් පරීක්ෂා කරන්නේ නම් එය ඉලෙක්ට්‍රිකලි වශයෙන් විවෘත දැයි බලන්න.කෙසේ වෙතත්, ගැටීමේ බලය හේතුවෙන් සෙන්සරයේ අභ්‍යන්තර හානි සිදු විය හැක නිසා එය නිසි ලෙස ක්‍රියාකරන බව ඉන් අදහස් නොවේ.මේ හේතුව නිසා,අනතුරකින් එයාර් බෑගය පත්තුවී තිබේ නම්,ඒ හැම විටම මෙම ක්‍රෂ් සෙන්සර් මාරැකල කළ යුතු බව මෝටර් රථ නිෂ්පාදකයින් පවසයි.මේ යටතට BMW, General Motors, Isuzu, Mercedes, Mitsubishi, Porsche, Saab, Volkswagen සහ Volvo ඇතුළත් වේ.
එයාර් බෑග් සෙන්සර් මාරැ කිරීම්
ක්‍රෂ් සෙන්සර් මාරැ කිරීමේ දී ඉතා වැදගත් කරුණු කිහිපයක් මතක තබා ගත යුතුය.එකක් නම් ආදේශ කිරීම යෙදුමට(application)අදාල නිවැරදි එකක් බවට වග බලා ගැනීම.ක්‍රෂ් සෙන්සරය නිශ්චිත වාහන යෙදුම් සඳහා ක්‍රමාංකනය(calibration) විය යුතුය.ඔබේ කොටස් සැපයුම්කරු ඔබ මාරැ කිරීමට අවශ්‍ය ක්‍රෂ් සෙන්සරය වෙනුවට නිවැරදි ක්‍රෂ් සෙන්සරය ලබා දී ඇත බවට වග බලා ගැනීමට OEM(original equipment material)අමතර කොටස් අංක හා සන්සන්දනය කරන්න.
මෙම ක්‍රෂ් සෙන්සරය නිවැරදිව සවි කිරීම ද ඉතා වැදගත් වේ.මාරැකරන ක්‍රෂ් සෙන්සරය හරියටම එම ස්ථානයේ,මුල් සෙන්සරය තිබූ ඒ ආකාරයටම සවිකළ යුතු ය.එය අනාගත ගැටීමකදී ලිහිල් නොවිය යුතු නිසා සෙන්සරය දැඩි ලෙස සවි කළ යුතුය.සෙන්සරය සවිකල ස්ථානය හෝ තත්ත්වය වෙනස්වීම මත එය අහම්බෙන් එයාර් බෑගය පත්තු කල හැකිය අතර එසේ නැතහොත් කිසිසේත්ම එයාර් බෑගය පත්තු නොවීමට හේතු විය හැක.
එයාර් බෑග් මොඩියුල් මාරැකිරීම්
ඔබේ රථය අනතුරකට ලක් වී නම්, එය එයාර් බෑග් සහ / හෝ ක්‍රෂ් සෙන්සර් වලට අමතරව එයාර් බෑග් මොඩියුලය ද මාරැ කිරීමට අවශ්‍ය විය හැක.බොහෝ නවීන වාහන මාදිලි වල මෙම මොඩියුලය මත ගැටීම් මොහොතේ දුෂ්කර සංකේත සහ ක්‍රෂ් දත්ත වාර්තා කරයි. මෙම තොරතුරු ස්කෑන් ටූල් මගින් මකාදැමීම කළ නොහැකිය,ඒ නිසා වාහන අලෙවි නියෝජිතයා,ඔබේ වාහනය අලුත්වැඩියා කළ විට මොඩියුලය නැවත අලුතින් සවිකල යුතු බව ඔබට පැවසිය හැක.ඔබේ වාහනය නැවත අනතුරකට සම්බන්ධ වන අවස්ථාවලදී ඔවුන්ගේ වගකීම් අවම කිරීම අවශ්‍ය බැවින් මෝටර් රථ නිෂ්පාදකයින්ට මොඩියුලය මාරැ කිරීමට අවශ්‍යය.
ඔබ,ඔබේම එයාර් බෑග් මොඩියුලය මාරැ කරනවා නම් බැටරි කේබල් විසන්ධි කර අවම වශයෙන් විනාඩි 15 වත් බලා සිටීමට අවශ්‍ය අතර ඉන්පසු එයාර් බෑග් මොඩියුලය (සාමාන්‍යයෙන් ඩෑෂ් බෝඩය යට යම් තැනක)සොයා වයර් කනෙක්ටරය විසන්ධි කරන්න.නව එයාර් බෑග් මොඩියුලය ස්ථාපනය කර එහි වයර් කනෙක්ටරය සම්බන්ධ කරන තුරු බැටරි කේබල් සම්බන්ධ නොකරන්න.
එයාර් බෑග් ක්‍රෂ් දත්තයන්: ඔබගේ වාහන කලු පෙට්ටිය දත්ත වලට ප්‍රවේශ විය හැක්කේ කාහටද?
බොහෝ නවීන වාහන මාදිල් තුළ ඩෑෂ් බෝර්ඩ් පාලනය මොඩියුලය ද ගුවන් යානා "කළු පෙට්ටිය" හා සමානව අනතුරකදී එයාර් බෑග් පිපිරැමකදී වැදගත් දත්ත ගබඩා කර ගනී.එහිදී තිරිංග යොදීම කිරීම කලේ ද නැද්ද යන්න (වාහනයේ ජී.පී.එස් පද්ධතියක් තිබේ නම්) මෙම අනතුර එවැනි වාහනයේ වේගය,වාහන දිශාව ආදී වැදගත් සාධක සහ මගී ආසන පටි තත්ත්වය (ආසන පටි පැලඳ හෝ නැතිද)යන සියලු කරැණු කලු පෙට්ටිය මතකයේ වාර්තා වී ඇත.
මෙම තොරතුරු අනතුරක් විභාග කොට යළි ප්‍රතිසංස්කරණය සඳහා සහ රියදුරු පැත්තෙන් කිසිදු නොසැලකිල්ලක් කර ඇත්තේ ද යන්න ඔප්පු කිරීමට(හෝ ප්‍රතික්ෂේප කිරීම)සඳහා ඉතා ප්‍රයෝජනවත් විය හැකිය.
ඇ.එ.ජ නව NHTSA( National Highway Traffic & Safety Administration-in USA)නීතිය යටතේ(563 නියාමනය) 2014 සැප්තැම්බර් වන විට සියලු මෝටර් රථ හා සැහැල්ලු ට්‍රරක් රථ දත්ත පටිගත කලු පෙට්ටියකින් සමන්විත යුතුය.අවශ්‍ය පටිගත පසුගිය දශක දෙක සඳහා බොහෝ වාහන මත ස්ථාපනය කර ඇති අතර,2013 වර්ෂයේ මාදිලි වාහන වලින් සියයට 95 ක් පමණ මත මෙම කලු පෙට්ටි සවිකර ඇති බව සොයාගෙන ඇත.ගැටීම් වේගය, තිරිංග,ඇක්සලේටර් පැඩලය, ආරක්ෂක පටි සහ එයාර් බෑග් පිපිරැම් තොරතුරු ඇතුළත් වාහන අනතුරක ඔන් බෝර්ඩ් දත්ත එකතු කිරීම,ගබඩා සහ දැන ගැනීම සඳහා නීත්‍යානුකූල වූ ක්‍රමයක් අවශ්‍යවේ.
ප්‍රශ්ණය කලු පෙට්ටි තොරතුරු වෙත ප්‍රවේශ වීමට හැකි විය යුත්තේ කාහටද?
ඇ.එ.ජ ප්‍රාන්ත ගණනාවක් තත්වයන් මත පදනම්ව,මෙම තොරතුරු සඳහා ඇති ප්‍රවේශ සීමා කරන නීති සම්මත කර ඇත.පොදුවේ කතා කරනවා නම්,එම තොරතුරු සාමාන්‍යයෙන් පෞද්ගලික වන අතර,වාහන හිමිකරුට අයත් වේ.එය වාහනය අයිතිකරුගේ අවසරය නොමැතිව ප්‍රවේශ විය නොහැක.කෙසේ වෙතත්,රියදුරු නොසැලකිල්ල සැක සහිත නම් හෝ තොරතුරු රිය අනතුරැ පරීක්ෂණ සඳහා තීරණාත්මක ලෙස සලකනු ලබන්නේ නම්,බලයලත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් එය බාගතකර(download)සමාලෝචනය කිරීමට අයිතිය ඇති විය හැක.
මෙම කලු පෙට්ටිය ඉවත් කිරීම,වෙනස් කිරීම හෝ කලු පෙට්ටි දත්ත වාර්තා පලුදු හෝ එය තුළ තැන්පත් කර ඇති ඕනෑම දත්ත වෙනස් කිරීම ෆෙඩරල් නීතියෙන්(ඇ.එ.ජ තුල)තහනම් කරඇත.
එයාර් බෑග් වංචාවන්ට එරෙහිව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා නව එයාර් බෑග් නීතිය
කැලිෆෝනියාවේ රෝඩ් අයිලන්ඩ් පසුගියදා එයාර් බෑග් ප්‍රෝඩාවන් වැලැක්වීමට නව නීතියක් අනුමත කරන ලදී.නීතිය අනුව 'කූට වෙළඳ පරිචයන්' ලෙස සැලකිය හැකි ක්‍රියාවන් දක්වයි.
වාහනයක් හදිසි අනතුරකදී අනතුරැ නොවන අලුත්වැඩියා හෝ පිපිරැණු එයාර් බෑග් මාරැ කිරීමට අපොහොසත්වීම,එයාර් බෑග් වෙනුවට ඕනෑම වස්තුවක් ස්ථාපනය සහ ඕනෑම ආලෝකය හැසිරවීමේ පද්ධතියක් ඇතුලු එයාර් බෑග් ආලෝකය හා ලකුණු සිටීමට එය හේතු වන පහත අලුත්වැඩියා කරදීම,මගහැර යාම් ඇතුලත්ය.
එයාර් බෑග් පද්ධතිය අක්‍රිය කරන ඕනෑම උපාංගයක් විකිණීම හෝ සවිකිරීම,පද්ධතිය ක්‍රියා නොකරන හෝ මෙම පද්ධතිය දෝෂ සහිත හෝ ක්‍රියා නොකරන්නේ නම් අනතුරු ආලෝකය නොදැල්වීම හෝ වළක්වාලීම.
මෙම රෝඩ් අයිලන්ඩ් නීතිය(කැලිෆෝනියාව සඳහා අදාල)උල්ලංඝනය කිරීම් සඳහා ඩොලර් 1000 සිට 2000 ක් දක්වා දඩ මුදලක්ද ඇතුලත්ව වසර දෙකක බන්ධනාගාර ගත කිරීමකට හා දරැණු ලෙස මෙම නීතින උල්ලංඝනය කිරීම සහ බරපතල තුවාල ඇති කිරීමේ ප්‍රතිඵල මත ඩොලර් 100,000 දක්වා දඩ මුදලක් සමග අවුරැදු 10 ක් දක්වා සිරගත කිරීමකට ලක්කල හැකිය.
තවත් සමහර රටවල් එයාර් බෑග් පද්ධති ව වැඩ කිරීමට වීශේෂ පුහුණුවක් සමග අවසර පතක් අවශ්‍ය වන අතර එසේ නොමැතිව මෙම පද්ධති වල වැඩ කිරීම ඉහත සඳහන් වැනි දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි.එබැවින් එයාර් බෑග් පද්ධතිය හා ඒ ආශ්‍රිතව සෙල්ලම් දැමීම කෙතරම් භායනක ද යන්න මෙයින් පැහැදිලි වේ.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
Post a Comment
Post a Comment