ඔක්ටේන් අගය
මෝකක්ද මේ ඔක්ටේන් අගය එහෙමත් නැත්නම් RON(Research Octane Number) කියලා කියන්නේ?
ඔක්ටේන් කියන්නේ ගැසෝලීන් ඉන්ධනවල අඩංගු හයිඩ්‍රෝකාබන්
සංඝටකයක්.සෙල්සියස් අංශක 125 ° C (260 ° F) පමණ උෂ්ණත්වයක දී බොයිල් වීම සිදුවෙන අවර්ණ දියර වර්ගයක්.මේ ඔක්ටේන් සංඝටකයක අන්තර්ගත අයිසොඔක්ටේන් කියන අනු ස්වයං-දහනයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ගැසොලීන් හෝ LPG ඉන්ධන ප්‍රමිති නිර්ණය කිරීම සඳහා නිර්දේශ අංකයක් ලෙස භාවිතා කරනවා.
ඒ අනුව ගැසෝලීන් ඔක්ටේන් අගය නිර්මාණය කරලා තියෙනනේ රසායනික සංයෝගයක් වන එන්-හෙප්ටේන්(n-Heptane-H3C(CH2)5CH3/ C7H16 සහ අකාබනික සංයෝගයක් වන අයිසෝ-ඔක්ටේන්(iso-octane-CH3)3CCH2CH(CH3)2/ (C8H18) සංසෝග කිරීමෙන්.
උදාහරණයක් ලෙස 90% ක අයිසෝ-ඔක්ටේන් හා 10% එන්-හෙප්ටේන් මිශ්‍රණයක් ඔක්ටේන් 90 ලෙස වර්ගීකරණය කරලා තියෙනවා.මේ ඔක්ටේන් 90 වර්ගීකරණය මගින් අයිසෝ-ඔක්ටේන් හා එන්-හෙප්ටේන් සමානුපාතිකව අඩංගු නොවුණත් ඒ මගින් එකම ජ්වලන ප්‍රතිරෝධක(Detonation resistance)ලක්ෂණ ඇති බවක් පෙන්නුම් කරනවා.සාමාන්‍යයෙන් පොදු භාවිතය සඳහා විකුණන ගැසොලීන්වල කිසිම අවස්ථාවක අයිසෝ-ඔක්ටේන් හා එන්-හෙප්ටන් පමණක් අඩංගු වෙන්නේ නැහැ.ඒ සමග තවත් බොහෝ හයිඩ්‍රෝකාබන් මිශ්‍රණයක් සහ වෙනත් අතිරේක මිශ්‍රණය අඩංගු කරලා තියෙනවා.පිරිසිදු අයිසෝ ඔක්ටේන් වලට වඩා සමහර ඉන්ධන ජ්වලන ප්‍රතිරෝධයන් වැඩි නිසා 100 කට වැඩි ඔක්ටේන් අගකට ඉඩ ලබා දීම සඳහා නිර්වචනය කරලා තියෙනවා.ඒ අනුව එන්-හෙප්ටේන් ඔක්ටේන් 0 ලෙසත් අයිසෝ-ඔක්ටේන් ඔක්ටේන් 100 ලෙසත් ශේණිගතකරලා තියෙනවා.
ඒ අනුව ඔක්ටේන් කියන එකට කෙටිම පිළිතුර තමයි දහනය කිරීමට පෙර ඉන්ධනයට දරාගත හැකි සම්පීඩනය අගය කියන එක.අනිත් අතට ඉහළ ඔක්ටේන් ශ්‍රේණිගතයෙන් කියන්නේ අධික පීඩනයට පෙර ඉන්ධන ඉන්ධන ස්වයං-දහනට දක්වන ප්‍රතිරෝධය කියලත් හඳුන්වන්න පුලුවන්.ඒ නිසා තමයි හයි කොම්ප්‍රෙෂන් එන්ජින්(ගැසොලීන් ඩිරෙක්ට් ඉග්නිෂන්/GDI)සහිත ඉහළ කාර්‍ය්‍යය සාධන මෝටර් රථ වලට ඉහළ ඔක්ටේන් අගයක් සහිත ඉන්ධන(ප්‍රීමියම්) අවශ්‍ය වෙන්නේ.ඒ අනුව ඉහළ ඔක්ටේන් අගයක් සහිත ඉන්ධන වැඩි වශයෙන් භාවිතා වන්නේ හයිකොම්ප්‍රෙෂන් එන්ජින් සමඟ කාර්‍ය්‍යයක්ෂමතාවය හා කාර්‍ය්‍යයසාධනය වැඩි කර ගැනීම සහ පූර්ණ ඉන්ධන දහනය කිරීමෙන් මගින් වායු විමෝචනය අඩු කරගැනීම සඳහායි.
සාමාන්‍යයෙන් අභ්‍යන්තර දහන එන්ජින්(ICE) සිව්පහර චක්‍රයේ(4 ස්ට්‍රෝක් සයිකල් එකේ)1 වන පියවර(ඉන්ටේක් ස්ට්‍රෝක්)තුළ දී පිස්ටන් පහළට ගමන් කරන අතර ඉන්ලට් වෑල්ව් ඇරීම සිදුවෙලා සිලින්ඩරයට තුලට වාතය හා ඉන්ධන වායු මිශ්‍රණය හෝ වායුව අතුල් වීම සිදුවෙනවා.ඉන්පසු 2 පියවරේදී
(කොම්ප්‍රෙෂන් ස්ට්‍රෝර්ක්)පිස්ටනය නැවත ඉහළට ගමන් කරන අතර එහිදී සිලින්ඩරයේ උෂ්ණත්වය හා පීඩනය වැඩි කරමින් වාතය සහ ඉන්ධන එකට සම්පීඩනය කිරීම සිදුවෙනවා.3 වන පියවරේදී(පවර් ස්ට්‍රෝර්ක්)එකේ දී ඉන්ධන වායු/මිශ්‍රණය ස්පාර්ක් ප්ලග් මගින් දහනය කිරීමේන් පසු මෝටර් රථය ඇත්ත වශයෙන්ම බලයට පත් කරන බලශක්තිය නිපදවන පවර් ස්ට්‍රෝක් එකේදී පිස්ටනය(න්) පහළට ගමන් කරන අතර ප4 වන පියවර(එක්ස්හෝස්ට් ස්ට්‍රෝක්)වශයෙන් නැවත් පිස්ටනය(න්)ඉහළට ගමන් කරන අතර එක්ස්හෝස්ට් වෑල් ඇරීම මගින් දහනය වායුව ඉවට තල්ලු කරමින් ඉන්ධන මිශ්‍රණය මගින් ජනනය කරන බලවේගය, මෝටර් රථයේ අවසානයේදී රථය චලනය කරා ගමන් කිරීම සිදුකරනවා.මෙම පියවරවල් 4 චක්‍රයක් ආකාරයෙන් නැවත සිදුවන නිසා මේකට 4 ස්ට්‍රෝක් එහෙමත් නැත්නම් සිව්පහර චක්‍රය කියලා කියනවා.
එතකොට ඔක්ටේන් සමග මෙහිදී සිදු වෙන්නේ මොකක්ද?
ඇත්තටම.ඉහතින් සඳහන් කළ පරිදි ඉහළ ඔක්ටේන් ශ්‍රේණිගත ඉන්ධන වැඩි පීඩනය හමුවේ ස්වයං දහනය(self ignite)/පෙර දහනයට(pre-igniting)ඔරොත්තු දෙන අතර විකල්ප හැකියාවන් මගින් වායු මෝචනය අඩු කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම මගින් විවිධ බලශක්තිය හා කාර්යක්ෂමතාව ද වැඩි කරගන්න පුලුවන්.මේ විකල්පයන්වලට සම්පීඩන අනුපාතය වැඩි කිරීම,ඉග්නිෂන් ටයිමිං වෙනස් කිරීම, සිලින්ඩර තුලට අඩු ඉන්ධන ඇතුළු කිරීම සහ තවත් බොහෝ දේ අතුලත් වෙනවා.ඊට අමතරව ඉහළ ඔක්ටේන් සමඟ ක්‍රියාකිරීමට නිර්මාණය කරන ලද එන්ජින් මගින්ද ඉන්ධන සම්පූර්ණයෙන්ම දහනය කර වායු විමෝචනය අඩු කිරීමට හැකියාව තියෙනවා.
සාමාන්‍යයෙන් ඔක්ටේන් 91 හෝ 92,95 සහ 98 කියලා තිබුණත් ඔක්ටේන් 91 හෝ 92 බොහෝ මෝටර් රථ එන්ජින් සඳහා නිර්මාණය කරලා තියෙන සම්මත ඔක්ටේන් වර්ගයි.අනිත් අතට බොහෝ මෝටර් රථවල භාවිතා කරන සම්පීඩන අනුපාතවලට ඔරොත්තු දෙන ඔක්ටේන් අනුපාතය 91 හෝ 92 හෝ ඊට වැඩි අගයක් ගන්න නිසා ඊට වඩා අඩු ඕනිම ඉන්ධනයක් භාවිතා කිරීම නිසා පෙර දහනය(pre-ignition)සහ නොක් කිරීම(knocking)ඇති වීම මගින් එන්ජින් හානි ඇති කිරීමේ අවදානම ඇති කරයි.ඒ කියන්නේ ඉහළ ඔක්ටේන් ගැසොලීන් වලට ස්වයං දහනයක් වීමට පෙර වැඩි පුර උෂ්ණත්වයක් සහ පීඩනයක් දරාගැනීමේ හැකියව තියෙනවා කියන එකයි.තවත් විදිහකට කිව්වොත් සම්පීඩන අනුපාතය වැඩි එන්ජින් මගින් වැඩි පීඩනයක් හා තාපයක් උත්පාදනය කරන විට සිදුවන ක්‍රියාවලිය තුල දී එය දරාගැනීමට කලින් ඉන්ධන දහනය වීට කලින්(පිස්ටනය(න්)TDC වෙත ලගාවීමට කලින් සහ ස්පාර්ක් වීමට කලින්)පිපිරීම් සිදු වෙලා පිස්ටනය ඉහලට ඒමට එරෙහිව පහළට තල්ලු කරනවා කියන එකයි.
ඒ අනුව අද පෙට්‍රල් මෝටර් සඳහා බහුලව භාවිතා වන සම්මත 91 හෝ 92 ඔක්ටේන් ශ්‍රේණිය 95 සහ 98 ඔක්ටේන් ශ්‍රේණියේ ඉන්ධන වලින් එකිනෙකට වෙනස් වේ. ඒ අනුව ඔක්ටේන් 95 සහ 98 ඉන්ධන ඉහළ සම්පීඩන අනුපාත භාවිතා කිරීමට නිර්මාණය කරලා තියෙන කාර්‍ය්‍යය සාධන එන්ජින්වලට ක්‍රියා කළ හැකි බව සහ ඔක්ටේන් 91 හෝ 92 ඉන්ධන මත ධාවනය කිරීමට සැලසුම් කරන ලද එන්ජින්වලට ඒ මගින් හානියක් නොවන නමුත් එයින් කිසිම ප්‍රතිලාභයක් නැහැ කියන එකයි.අනිත් අතට එය මුදල් නාස්තිකිරීමක් සහ අමතර කිලෝමීටර් ගණනක ධාවන හැකියාවක් ලබාදෙන්නේත් නැහැ.
ඒ නිසා ඔක්ටේන් අගය මනින්නේ ඉන්ධනය පුපුරා දහනය වීමව පෙර ඉන්ධනවලට පීඩනයට සහ තාපයට ඔරොත්තු දෙන හැකියාව කියන එකයි.ඒ අනුව නිසි පරිදි නිර්මාණය කරන ලද එන්ජිමන් මගින් පමණක් ඉහළ ඔක්ටේන් මගින් ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාව හා කාර්‍ය්‍යයසාධන වැඩි කිරීම මගින් වායු විමෝචනය අඩු කිරීමට හැකියාව තියෙනවා කියන එකයි.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
Post a Comment
Post a Comment