EGR වෑල්ව්
EGR වෑල්ව්(Exhaust Gas Recirculation valve)එකෙන් කරන්නේ එන්ජිමේ එක්ස්හෝස්ට් ගෑස් එකෙන් යම් ප්‍රතිශයක් (සාමාන්‍යයෙන් 5% සිට 15% දක්වා පමණ)නැවත ඉන්ලට් මැනිෆෝල්ට් එක හරහා එන්ජිමේ දහන කුටීරය තුලට ලබා දීලා දහන ක්‍රියාවලිය තුල දී නැවත ප්‍රතික්‍රියාකරලා නයිට්ස් ඔක්සයිඩ් වැනි හානිකර වායු නිපදවීම අඩු කිරීම සහ ඒ මගින් ඉන්ධන සම්පූර්ණයෙන්ම දැවීයාමට සලැස්වීම.ඒ සඳහා විවෘත වෙන හා වසා දැමෙන වෑල්වයක් අවශ්‍යවෙන නිසා ඒසඳහා භාවිතාකරන වෑල්ව් එකට කියනවා EGR වෑල්ව් එක කියලා.ඒ අනුව මේ සදහා ඉලෙක්ට්‍රොනික් කොන්ට්‍රෝල් සහ වැකියුම් කොන්ට්‍රෝල් මැකනිකල් මගින් ක්‍රියාකරන EGR වෑල්ව් දෙවර්ගයක් භාවිතා කරනවා.
සම්පූර්ණයෙන්ම හොඳින් ක්‍රියාත්මක වන EGR වෑල්ව්වයක් මගින්;
1) අඩු විමෝචන ඇති කරන අතර මේ මගින් සෙල්සියස් අංශක 1000 ට වැඩි උෂ්ණත්වවලදී පමණක් සෑදිය හැකි නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හානිකර වායු නිපදවීම වැළැක්වීම සඳහා එන්ජින් සිසිල් කිරීම සිදුකරනවා.
2) ස්පාර් එන්ජින් වල ත්‍රොටල් හානිය අඩු කිරීම.
3) ඉහළ උෂ්ණත්වයට නිරාවරණය වීම අඩු කිරීම මගින් එන්ජිමේ ආයු කාලය වැඩි කිරීම යන කරැණු දක්වන්න පුලුවන්
කාලයත් සමග පිටාර වායුව මගින් පිටකරන කාබන් හා අනෙකුත් ද්‍රව්‍ය වලින් මේ EGR වෑල්ව් වලට හානිවීම හෝ අක්රිකළ හැකි අතර මේ නිසා EGR වෑල්ව විවෘතවී තිබීම,වැසී තිබීම හෝ සම්පූර්ණයෙන්ම අක්රීයවීමට හේතු වෙනවා.නවීන වාහනවල එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් EGR වෑල්වයේ ගැටලූව හඳුනාගත හැකි අතර රියදුරාට අනතුරු ඇඟවීම සඳහා උපකරණ පුවරුව මත අනතුරු ඇඟවීමක් ද පෙන්නුම් කරනවා.ඒ අනුව දෝෂ සහිත EGR වෑල්ව් සමග වඩාත්ම පොදු දෝෂ කේත පහත සඳහන් ලෙස පෙලගැස්විය හැකිය.
• P0401 -Insufficient EGR flow
• P0402-EGR Excessive Detected
• P0403 – EGR Circuit Malfunction
• P0404 – EGR System Performance
• P0405 – EGR Pintle Position Circuit Low Voltage
•P1404 – EGR Valve Stuck in Open Position
• P1406 – EGR Valve Pintle Position
EGR වෑල්වයේ අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ:
1. පිටාර වායු අංශු වැඩිවීම(අර්ධ වශයෙන් දහනය කරන ලද ඉන්ධන නිසා)
මෙම පිටාර වායු අංශු මගින් අවහිර වීම නිසා EGR වෑල්ව්වය විවෘතව පැවතීම නිසා ඩීසල් පාර්ටිකියුලර් ෆිල්ටර (DPF filter)ඉක්මනින් අවහිර කිරීමට හේතු වෙනවා.
2. ඩෙටනේෂන්
මේ නිසා එන්ජින්වල දහන කුටි තුළ කුඩා පිපිරීම් ඇති කිරීමට හේතුවන අතර ඒ මගින් යාන්ත්‍රික හානි සිදු විය හැක.
3. රළු අයිඩල් සහ මිස්ෆයරිං
EGR වෑල්ව්වය වසා දැමීමට අසමත් වූ විට, පිටාර වායුව ඉන්ලට් මැනිෆෝල්ට් තුලට කාන්දු වීමට හේතුවීම.
4. පණගැන්වීම් අපහසුතා
වසා දැමීමට නොහැකි EGR වෑල්ව් නිසා ඉන්ටේක් මැනිෆෝල්ට් තුලට වැකියුම් කාන්දු ඇති වීම.
ඒ නිසා මේ EGR වෑල්ව් ඉවත් කිරීම හෝ අවහිර කිරීම කළ යුතුද?
EGR වෑල්ව් ඉවත් කිරීම හෝ ඉවත් කිරීම නිර්දේශ නොකරයි.එසේ කිරීම සඳහා වැඩි බලයක් ලබා දෙන බවට ඇති පොදු වැරදි සංකල්පයක් ඇතත් මෙහි සත්යතිවයක්ද නැති අතර EGR වෑල්ව්වයේ කාර්‍ය්‍යයන්ගෙන් එකක් වන්නේ ඉන්ධන සම්පූර්ණයෙන්ම දහනයවීම සහතික කිරීම සහ එන්ජිම වඩා කාර්‍ය්‍යයක්ෂම කර ගැනීම මගින් මුදල් ඉතිරි කරගත හැකිවීමයි කියන කාරණයයි.ඒ වගේම ඒ හේතුවෙන් වායු විමෝචන පරීක්ෂණය අසමත් විය හැකි අතර මෝටර් රථයේ චෙක් එන්ජින් ලයිට් දැල්වී තිබීමට ද හේතුවක් වෙනවා.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
Post a Comment
Post a Comment