-->

පැජරෝ/මොන්ටෙරෝ සුපර් සිලෙක්ට් ෆෝර්වීල් ඩ්‍රයිවි(SS4WD)සිස්ටම්



• 2H (2WD high range)

සාමාන්‍ය අධිවේගී මාර්ග සහ හයිලෙවල් මාර්ග වල වේගයෙන් ගමන් කිරීම සඳහා හෝ සාමාන්‍ය ධාවනය සඳහා 2H භාවිතා කරන අතර මෙහිදී කාර්‍ය්‍යයසාධනය,ඉන්ධන කාර්‍ය්‍යක්ෂමතාව සහ සුමට ධවනයක් සඳහා පසුපස රෝද මගින් පමණක් ලබාදීම සිදුකරනවා.

• 4H (4WD high range)

අයහපත් කාලගුණික තත්වයන් වලදී පාරවල් රළු වීම් වැනි අවස්ථාවලදී අධි වේග ධාවනය සඳහා වැඩි පාලනයක් ලබා දීම සඳහා 4WD high range භාවිතා කලහැකි අතර මෙහිදී ඉදිරිපස / පසුපස රෝද අතර ව්‍යාවර්ථ බෙදීයාම 33:67 අනුපාතයට සහ අධිවේග ධාවනයේ දී 50:50 අනුපාතයකට වඩා හොඳ පාලනයක් ලබාදෙනවා.

• 4HLc (4WD high range with locked center differential)

රළු හෝ ලිස්සීමේ තත්වයන් වල දී 4HLc මගින් සියළුම රෝද සඳහා ඒකාකාරව බලය බෙදියාමක් සහිතව ඔෆ්-රෝඩ් මාර්ග වලදී වඩා හොඳ ධාවන හැකියාවක් ලබාදෙයි.

• 4LLc (4WD low range with locked center differential)

 4LLc මගින් ට්‍රැක්ටර් වල ඇ‌ති කෘවලින් පවර් වැනි බලයක් අවශ්‍ය විට ලබාදීමට සමත්වන අතර ඒ ‌මගින් ඇලෙනසුළු ගැඹුරැ මඩ සහ හිම සහිත අවස්ථාවන් වල දී ලෝ-එන්ඩ් ව්‍යවර්ථය උපරිම කිරීමට හැකියාව ලබාදීලා තියෙනවා.

සටහන : පැජරෝ/මොන්ටෙරෝ වල භාවිතා කරන SS4WD මගින් අවශ්‍යය ඕනෑම අවස්ථාවකදී අධිවේගී කාර්‍ය්‍යයසාධනය හෝ ඔෆ්-රෝඩ් මාර්ග ධාවනය සඳහා ඔන් ඩිමාන්ඩ් 2H, 4H සහ 4HLc මගින් උපරිම පැ.කී100 ක වේගයකින් ගමන් කරවීම හැකියාව ලබාදෙන අතර 4HLc සහ 4LLc අතර මාරු කිරීම සඳහා වාහනය නතර කළ යුතුය.(අමතර තොරතුරු සඳහා ඕනර්ස් මැනුඅල් බලන්න)

Related Posts

Post a Comment