-->

01.IP address පිළිබද පලමු පාඩම

මොනවටද මේ IP Address කියන්නේ


 IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග(පරිගණක, ජාලාකරණ උපාංග..........) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව..
               
               අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව (අනිත් බේලොග් සටහන බ‍ලන්න). අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ


IP Address හදුනාගනිමු

දැනට ලෝකයේ IP Address වර්ග 2ක් බාවිතා කරනව. ඒව තමයි...
  • IPv4
  • IPv6
IPv4 තමයි දැනට ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන IP Address වර්ගය. ඒ උනත් IPv6 වේග‍යෙන් ලොවපුරා ඇති Network සදහා යොදාගනිමින් පවතිනව.
IPv4 Address එකක ප්‍රධාන කොටස් 2ක් තියනව..

  1. Network ID
  1. Host ID
  • IPv4 Address එකක් හැදෙන්නෙ Bit32ක එකතුවකිනුයි. මොනවද මේ Bit කියන්නෙ.පහත උදාහරනයෙන් ඔයාලට ඒක තේරුම් ගන්න පුලුවන්.

 මම ඔයාලට පසුව කියල දෙන්නම් මේ කොටස්2ක ගැන.දැන් මම ඔබට අදුන්වල දෙන්නෙ IPv4 වර්ගයේ  IP Address Network එකක් තුල යොදාගන්නා ආකාරයයි.ඊට කලින් අපි බලමු කොහොමද මේ IP Address එකක් හැදෙන්නෙ කියලා.



අප යම් සංඛ්‍යාවක් පාදයෙන් ලිවීමේදී එහි ඇති හා අප Bit ලෙස හදුන්වනව.


කොහොමද සංඛ්‍යාවක් පාදයෙන් ලියන්නේ....

Network address එකක එක් ඉළක්කම් ඛාන්ඩයක් සදහා අපට 
යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 (2)යි.

 20 = 1
21 = 2
22 = 4
23 = 8
24 = 16     එකතුව 255 යි.
25 = 32
26 = 64
27 = 128


එනම් විශාලතම Network addressවන්නේ 255.255.255.255 යි.
දැන් මම ඔයාලට කියල දෙන්නම් කොහොමද සංඛ්‍යාවක් පාදයට හරවන්නෙ කියල.

අපි ඉහත උදාහරණයම ගමු.
  
දැන්  ඉතුරු සංඛයා ටික අවසානයේ සිට ඉහලට ලියන්න.. 11000000 මේ විදියට තමයි දහයේ පාදයේ සංඛයාවක් දෙකේ පාදයෙන් ලියා දක්වන්නෙ. network address එකක් දෙකේ පාදයෙන් ලිවීම තුලින්  අපට network එකක් සැකසීමේදී එම network එකට අවශ්‍ය host (පරිගණක හෝ යම් යම් උපකරණ) හා network ගණනටම සරිලන network address පරාසය හදුනා ගැනීමට හැකිවෙනව.


IP Address Classes 

අප භාවිතාකරන IP Address ජාත්‍යන්තර සම්මතයකට අනුව පංතීන් කිහිපයකට බෙදා ඇත.මෙම IP Address  Classes නිර්මානය කිරීම සදහා පදනම්කරගෙන ඇත්තේ Network එකක විශාලත්වයයි. ඒ කියන්නේ කුඩා Network සදහා එක් පංතියක්ද, මධ්‍ය පරිමාන Network සදහා එක් පංතියක්ද, මහා පරිමාන  Network සදහා එක් පංතියක්දවශයෙනි. ඒ අනුව ප්‍රධාන වශයෙන් අපට   IP Address  Classes තුනක් දකින්න පුළුවන්.


  1.  Class A: 1-126           උදා -10.50.230.23
  2.  Class B: 128-191       උදා - 172.16.2.221
  3.  Class C: 192-223       උදා - 192.168.50.10
IP Address එකක ඇති පළමු සංඛ්‍යා කාණ්ඩය මගින් අපට  IP Address Classes එක හදුනාගන්න පුළුවන්..දැන් අපි බලමු එක් එක් IP Address Classes එකට ඇතුලත් කළහැකි Host ප්‍රමානය හා Network  ප්‍රමානය. ඒක පැහැදිලිව තේරුම් ගන්න නම් මගේ කලින් පෝස්ට්එකේ තිබුනු Network ID  හා Host ID කියන්නෙ මොකක්ද කියල පැහැදිලිව තේරැම් ගන්න ඕන.


  • Network ID: IP Address එකක Network ID මගින් එම IP එක assign කර ඇති Host එක කුමන  Network එකට අයත් දැයි පෙන්වයි. එසේම Network එකකදී  IP Address එකක  Network ID එක නොවෙනස්ව පවතී.
  • Host ID:  IP Address එකක Host ID එක ලෙස හදුන්වන්නේ Host එකකින් එකකට IP Address එකෙහි ‍වෙනස්වන කොටසයි.මෙය සැමවිටම එකම Network එකක් තුල එක් එක් Host එකට assign කරන IP එකෙහි වෙනස් විය යුතුයි.  
‍‍
  "සෑමවිටම Network එකක  IP Address  එකෙහි Network ID එක   නොවෙනස්වන අතර Host ID එක සැමවිටම වෙනස්වේ"



IP Address Class හි Network ID එක හා Host Id එක

  1.  Class A:   Net. Host. Host. Host
    2.   Class B:   Net. Net. Host. Host
    3.   Class C:   Net. Net. Net. Host







Related Posts

Post a Comment