-->

මාස් එයාර් ෆ්ලෝ සෙන්සර්(MAF)




බොහෝ නූතන ස්පාර්ක් ඉග්නිෂන්  මෝටර් රථ වල පරිගණකය පාලනය එන්ජින් පද්ධතියේ වැදගත් කොටසක් වන අතර සාමාන්‍යයෙන් එන්ජිම හා එයර් ෆිල්ටරය අතර ප්ලාස්ටික් හවුසිමක් තුල පිහිටා ඇති MAF සෙන්සරය මගින් එන්ජිමට ඇතුලු වන වායු පරිමාව සහ ඝනත්වය මැනීම සිදුකර ඒ මගින් ඉන්ධන බෙදාහැරීම සහ ස්පාර්ක් කාලය ගණනය  කිරීමට උපකාර වන මිණුම් සදහා භාවිතා කර එන්ජින් පාලන පරිගණකය වෙත ඉලෙක්ට්‍රොනික සංඥාවන් යැවීම සිදුකරනවා.

බොහෝ මෝටර් රථ වල ඇති MAF සෙන්සර්  ඉන්ලට් මැනිෆෝලඩය තුලට කොපමණ වායු ගැලීමක් ඇතිකරන්නේද යන්න තීරණය කිරීමට විද්‍යුත් ප්‍රේරක කම්බි උපයෝගී කරගනු ලබනවා.මෙම කම්බි වායු ගැලීම මත පදනම්ව විදුලි වෝල්ටීයතාවය නිපද වන අතර එය  එන්ජින් පාළන ඒ‌කකය වෙත දන්වයි.මෙම දත්තයන් මත ස්පාර්ක් කාලය,ඉන්ධන බෙදාහැරීමේ සහ ස්පාර්ක් ඇ‌ඩ්වාන්ස් වෙනස් කිරීම ආ‌දිය කොපමණද යන්න එන්ජින් පරිගණකය තීරණය කරනු ලබනවා.MAF සංවේදක දුර්වල එහෙමත්නැත්නම් වරදක් ඇ‌තිවිට එන්ජින් අයිඩල් රලු වීම(rough idle),දුර්වල ඉන්ධන පර්භෝජනය(poor fuel economy)හා ඇතැම් විට එන්ජින්ඇණහිටීම(stalling) දඇති විය හැක.

1980 දශකයේ මුල් භාගයේ සිට නිපදවන ලද මෝටර් රථ බහුතරයක් විවිධ කාර්යයන් අධීක්ෂණය කිරීම සඳහා පරිගණක පද්ධති භාවිතා කරනවා.පරිගණක හෝ පරිගණක පාලන සෙන්සර් හෝ සංරචක වල කිසිදු වරදක් ඇ‌ති බව තීරණය කරන විට එය මෝටර් රථය අවශ්‍ය සේවා සඳහා රියදුරු වෙත චෙක් එනජින් බල්බය(Check Engine light) දල්වා දන්වන අතර සමහර මෝටර් රථ මත එම වරද සැලකිය යුතු වාර සංඛ්‍යාව වක් අනාවරණය වූ පසු පමණක් දැල්වීම සිදුකරනවා.MAF සෙන්සර් වල වරද අනාවරණය කර ගත යුත්තේ පරීක්ෂා කිරීමකින් පසුව වන අතර චෙක් එන්ජින් ලයිට් දැල්වීමට එක් හේතුවක්වේ.

මේ සඳහා වඩාත් පොදු නඩත්තු කල යුතු අයිතමය එයාර් ෆිල්රය වන අතර එය MAF සෙන්සරය මත ඍජු බලපෑමක් ඇති කළ හැකිය.එයාර් ෆිල්ටරය එන්ජිම තුලට වාතය සමග අපද්‍රව්‍ය ඇ‌තුලුවීම වලක්වාලීම සඳහා විශේෂයෙන් නිපදවා ඇ‌ති නාසා අපිරිසිදු එයාර් ෆිල්ටර එන්ජිම තුලට අපද්‍රව්‍ය ඇතුලුවීමට ඉඩ නොදෙන නමුත් එයර් ෆ්ලෝ සෙන්සරය මත අපද්‍රව්‍ය එකතුවීමට හේතුවක් වන බැවින් එමගින් කාර්යක්ෂමතාව අඩුවීමට හැකිය.ඇතැම් MAF සෙන්සර් වාහනයෙන් ඉවත් කර පිරිසිදු කළ හැකි අතර බහුතර නියමිත සංවේදක සංකීර්ණත්වය නිසා වැරදි ඇ‌තිවීමට හැකි අතර එය වෙනුවට අලුත් එකක් මාරැකල යුතුය.(MAF සෙන්සර් වල ඇති Heated wiring element එක බිඳෙන සුලු බැවින් එයට හානි නොකර ගත යුතුය)

උපරිම බලය හා කාර්‍ය්‍යයක්ෂමතාවය වැඩි කිරීමට හොඳම ක්‍රමය වන්නේ නිෂ්පාදකයාගේ නියමිත නඩත්තු මාර්ගෝපදේශ අනුගමනය කිරීමයි.ඒ අනුව සාමාන්‍ය නඩත්තු කටයුතු වලට අනුව එයාර්,ෆිල්ටර්,ඔයිල් හා ඉන්ධන ෆිල්ටර් ඇතුළත්ව සහ නිෂ්පාදකයන් යෝජනා කර ඇ‌ති කාල අන්තරයන් අනුව වාහනය පරීක්ෂා කිරීම වැදගත්ය.සාමාන්‍ය නඩත්තු කටයුතු කාර්‍ය්‍යයන් නිසි ලෙස කිරීම,නියමිත සේවා පරිපාථිය අනුගමනය කිරීමෙන් වාහනය තමන් සතුව තිබෙනතාක් කල් වඩාත් හොඳතත්වයෙන් ධාවනය කලහැකි බවට සහතික විය හැකිය.

එන්ජිමට නිවැරදි වායු සහ ඉන්ධන මිශ්‍රණ අවශ්‍ය අතර එය නිසිලෙස ස්පාර් ටයිමිං කාලය නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ද වැදගත්ය.මේ සඳහා MAF සෙන්සරය විශිෂ්ඨ කාර්‍ය්‍යය භාරයක් ඉටුකර නිසා එයට අදාළ සියලු සංරචක නිවැරදි ලෙස ක්‍රියාකාරීව පවත්වාගැනීම ඉන්ධන කාර්‍යෂමතාවය,උපරිම බලය, කාර්‍ය්‍යය සාධනය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යවේ.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment