-->

වාහන ඩෑෂ් බෝඩය මත මූලික අනතුරැ අඟවීම් සංකේත


ඔබගේ වාහනයේ ඩෑෂ් බෝඩය මත විවිධ අනතුරැ අඟවීම් සංකේත වර්ණ කිහිපයකින් දක්වන අතර එම වර්ණයන්ගෙන් කියවෙන මූලික කරැණු දැනගෙන සිටීම වැදගත්වේ.

සමහර මූලික කරැණු.

කලබල නොවන්න!ඔබගේ ඩෑෂ් බෝඩය මත සංකේතයක් දැල්වුණි නම් හෝ එය සාමාන්‍ය රතු පැහැතිනම් එය ඔබගේ වාහනය තවමත් ධාවනය කල හැකි අතර සමහරවිට එය ඉතාසෙමින් ප්‍රශ්ණයක් ඇ‌ති කල හැකිය.

ඉතා දීප්තිමත් රතු පැහැතිනම්(Color is King!)එය බරපතල ගැටලුවක් හෝ ආ‌රක්ෂාව පිළිබඳ ගැටලුවක් විය හැකි අතර හෝ වැදගත් දැනුම්දීමක් විය හැකිය.

කහ හෝ තැඹිලි පාට නම්(Yellow/Orange)එහි තේරැම යමක් ඉක්මනින් සේවා කිරීමට හෝ මාරැකිරීමට අවශ්‍ය බව දැනුම්දීමක් වන අතර එය  නිවි නිවි දැල්වේනම්(Flashing)එය වැදගත් වන අතර වහාම ඔබගේ සේවා එජන්තවරයා හෝ විශ්වාස පලපුරැදු ලත් ගරාජයක් වෙත ගෙනයායුතුවේ.

කොළ හෝ නිල් පැහැතිනම්(Green/Blue)එයින් කියවෙන්නේ යම් පද්ධතියක් ක්‍රියාකරමින් පවත්න බව හෝ ඔන් වී ඇ‌ති බවයි.

අවවාදයයි මෙම සංකේත - සැබැවින්ම බරපතලයි.

ඔබ ඔබේ උපකරණ පුවරුව මත පහත සඳහන් සංකේත දැල්වුණි නම් වහාම ඔබ වාහනය නවත්වා බලයලත් අලුත්වැඩියා පහසුකම් ඇ‌ති ස්ථානයක් කරා යායුතු අතර කිසිවිටෙකත් නොසලකා හැරිය නොහැකිය.

•තිරිංග අවවාද දර්ශකය(Brake Warning Indicators)

•එන්ජිම සිසිලන උෂ්ණත්වය දර්ශක සංකේත(Engine Coolant Temperature Indicator Symbols)

•එන්ජින් ඔයිල් මට්ටම් සංකේතය හෝ තෙල් පීඩන අවවාද දර්ශක(Engine Oil Level or Oil Pressure Warning Light Symbol)

•එන්ජින් ඔයිල් සංවේදන හා මට්ටම් දර්ශක(Engine Oil Sensor and Level Indicators)

•චාර්ජින් පද්ධතිය අවවාදයයි ආලෝක සංකේත(Charging System Warning Light Symbols)

මීට අමතරව සමහර වාහන වල සමහර විට Text Symbols හෝ Text Message ආ‌කාරයෙනුත් ඔබට දන්වනු ලබයි.ඔබ සතුව ඔබේ වාහනයේ Owner's Manual එක තිබේනම් එහි ඔබේ වාහනයට ආදාල සියලුම අනතුරැ සංකේත සහ එහි අදහස පැහැදිලිව දක්වා ඇ‌ත.
















Related Posts

Post a Comment