-->

ෆෙරාරි ඉතිහාසය



මෝටර් රථ ලොලීන්ගේ ස්පෝර්ට් මෝටර් රථ පරම සතුටක් වූ ෆෙරාරි දීප්තිමත් රතු, සුපිරි වේගය,බෙහෙවින් ක්‍රීඩාශීලිත්වය සහ සුවිශේෂී ලස්සනක් කැටිකොට ඇ‌ත.ඇත්තටම කල්පනාකලොත් කොහොමද ෆෙරාරි මෙතරම් දුර පැමිණියේ කෙසේද කියා?ඒ නිසා ෆෙරාරි ඉතිහාසය හා මෙම තත්වයට පැමිණි ආ‌කාරය පිලිබඳ විස්තර,ෆෙරාරි ලාංඡනය, ඔවුන්ගේ සමාගමේ ඉතිහාසය කාල සටහන සහ පසුගිය සහ නවතම මාදිලියේ ලැයිස්තුව කතා කරමු.

සමාගම 1929 දී එන්සෝ ෆෙරාරි(Enzo Ferrari)විසින් Scuderia Ferrari නීතිගත කරන ලදී.මෙම ෆෙරාරි ඉතිහාසයේ මුල් වකවානුව තුළ දී සමාගම ඇල්පා රෝමියෝ රේස් කාර් මෝටර් රථ ධාවකයන්හට අනුග්‍රහ දැක්වීය. Scuderia තරඟයට පෙර මෝටර් රථ සූදානම් කිරීම සහ ඒ‌ සඳහා දැක්වූ දැඩි පක්ෂපාතිත්වය නිසා අවුරුදු 10 කට පසු එන්සෝ ෆෙරාරි අවසානයේ ඇල්පා රෝමියෝ රේසින් දෙපාර්තමේන්තුව තුළ සේවයට බඳවාගන්නා ලදී.
වසර දෙකකට පසු එන්සෝ ෆෙරාරි ඇල්පා රෝමියෝ තම සමාගම අවශෝෂණය කර ගැනීමට සැලසුම්කරන බව දැනගත් නිසා ඔහු ක්ෂණිකවම ඔහුගේ රැකියාව හැරදමා ගියේය.කෙසේ වෙතත් ඔහු කොන්ත්රාත්තුවක් අත්සන්කර තිබූ බැවින් ඔහුට වසර ගණනාවක් ධාවක ක්‍රියාකාරකම් සඳහා සහභාගීම සීමා කරන ලදී. මේ කාලය තුළ දී එය සමාගම “Auto Avio Contruzioni Ferrari” ලෙස එහි නම වෙනස් කල අතර ගුවන් යානා උපාංග නිෂ්පාදනය කිරීමට ආරම්භකරන ලදී.

කෙසේ වෙතත් 1940 දී එන්සෝ ෆෙරාරි ඔහුගේ පළමු ධාවන මෝටර් රථ වන Tipo 815 නිෂ්පාදනය කළ අතර එය පලමුවරට Mille Miglia තරඟය සඳහා සූදානම් කලත් ඇ‌තිවිය හැකි යුද්ධය නිසා කාර් කිසිදු සැබෑ තරගයකට ලක් නොවිය.වර්ෂ 1943 දී එන්සෝ ෆෙරාරි Maranello හි ඔහුගේම කර්මාන්ත ශාලාවේ පිහිටුවන ලදී.වසරකට පසුව කර්මාන්ත ශාලාව බෝම්බ ප්‍රහාරයකට ලක්වන අතර දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව එන්සෝ මාර්ග මෝටර් රථ (Road car)නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇ‌ති කරමින් තම කම්හල නැවත ගොඩනඟන ලදී.

වර්ෂ 1947 දී එම සමාගම සිය පළමු 125 ස්පෝර්ට් රෝඩ් කාරය හඳුන්වාදෙන ලදී.වාහනය 1.5L /V12 එන්ජිමකින් බලගැන්වුනු අතර ඒ‌ කාලයේදී එව සුවිශේෂයෙන් ලස්සන විය. එම නිසා ෆෙරාරි 1950 දී Marque නිර්මාණය කරන ලද අතර එම සමාගම සිය පළමු Grand Prix තරඟය දිනා ගැනීමට සමත් විය.

වර්ෂ 1952 දී ෆෙරාරි ධාවන මෝටර් රථ රියදුරු ඇල්බර්ටෝ ඇ‌ස්කාරිගේ(Alberto Ascari)උත්සාහයන් තුළින් සිය ලෝකයේ පලමු ස්ථානය තවදුරටත් ආ‌රක්ෂාකරගැනීටම සමත් විය.එම වසරේ සමාගම මාර්ගයේ අධි බලය සහිත වාහන නිෂ්පාදනය කිරීම ඉලක්ක කරගනිමින් විවිධ වෙනස් කිරීම් සමග මිලිමීටර්166 චැසියක් සමග විශේෂාංග අන්තර්ගත කර ප්‍රසිද්ධ 212 Inter හඳුන්වා දෙන ලදී.1954 වන විට 250 GT හඳුන්වාදුන් අතර1950 තුළ හොඳම විකුණුම්  වාහන වලින් එකක් බවට එහි මුල් හඳුන්වාදීම තුලින්ම පත්විය.

1956 දී එහි හොඳම  නිර්මාණයවන තවමත් නිෂ්පාදන වන GT Berlinetta හඳුන්වා දෙන ලදී.1950 අවසානයේ දී GT Berlinetta නව මාදිලිය 'Passo Corto' නමින් හඳුන්වා දෙනු ලැබිණි. එය මුල් muscle cars වලින් එකක් බව සඳහන් විය.1960 දී Sergio Scaglietti සහ Mauro Forghieri ඉංජිනේරු සහ බොඩි මෝස්තර සඳහා බඳවාගන්නා ලදී.

1962 දී ෆෙරාරි ඉතිහාසය තුල සමාගම සියලු කාලයන්ට වඩාත් පිළිගත් ස්පෝර්ට් මෝටර් රථ වලින් එකක් වන 250 GTO හඳුන්වා දෙන ලදී. මෙම නව ඉංජිනේරු දක්ෂතා ඇති ෆෙරාරි සඳහා 60 දශකය ඇදහිය නොහැකි තරම් සාර්ථක කාලය විය.වසර දෙකකට පසු සුවිශේෂී හැඩගැන්වීම් සහිතව හඳුන්වා දුන් 330 GT 2 + 2 ෆෙරාරි වෙළඳ නාමය සඳහා නව පෙනුමක් ලබා දුන්නේය.1965 දී ෆෙරාරි ප්‍රසිද්ධ GTB Competizione හා 275 GTS නිකුත් කරන ලදී.

1966 වසරේදී සමාගම විසින් තවත් ප්‍රසිද්ධ වාහනයක් වූ 365 California හඳුන්වා දෙන ලදී. මෙම වාහන තවමත් නිෂ්පාදනය නමුත් ඇත්තෙන්ම නව හැඩගැන්වීම් මෝස්තර හා බලවත් එන්ජින්මක්න් සමන්විතවේ.1960 අවසානයේ දී ෆෙරාරි කන්වර්ටබල් වාහන දෙසට යොමුවූ අතර ඒ කාලයේ වඩාත් සාර්ථක කන්වර්ටබල් රථ වල්න් එකක් වූ සුප්‍රසිද්ධ 65 GTS4 හඳුන්වා දෙන ලදී.

70 දශකය වන විට ෆෙරාරි පොර්ෂේ සහ ඇල්පා රෝමියෝ ආයතන අතර දැඩි තරගකාරිත්වයකට මුහුණ දෙන ලදී. සමාගමේ ධාවන දෙපාර්තමේන්තුව ලෝක රේස් කාර් තරගාවලි අතරේ විවිධ දිනුම් පැරදුම් ලැබූ නමුත්1973 දී ෆෙරාරි Formula 1(F1) පිළිබඳ අවධානය යොමු කිරීමට රේස් කර් ධාවන තරඟවලින් ඉවත්වෙන ලදී.Niki Lauda සමග 1975 සහ 1977 දී ෆෝමියුලා වන් රේසිං ශූරතාවය දිනා ගනිමින් සමාගම ෆෝමියුලා වන් සාර්ථකත්වය භුක්ති විඳින ලදී.

Niki Lauda ෆෙරාරි ඉතිහාසය තුළ වඩාත්ම ජනප්‍රිය ධාවකයින්ගෙන් එක් අයෙක් වන අතර ඔහුගේ කතාව 2013 දී නිකුත් කරන කරන ලද චිත්‍රපටියක් වන "රෂ්"(“Rush”) විශාල තිර මත පවා නිරූපණය කර ඇත.70 දශකයේ අවසානයේ Niki Lauda ගේ හදිසි අනතුර,1982 දී Gilles Villeneuve ගේ මරණය හා Didier Pironi තවත් මාරක අනතුරකට මුහුණ දීම සමාගමේ ෆෝමියුලා වන් අර්බුදයට ලක්කරම්න් අවසානවිය.

වසර කිහිපයකට පසු1988 දී එන්සෝ ෆෙරාරි වයස අවුරුදු 90 දී මිය ගියේය.කෙසේවෙතත් ඔහුගේ මරණයට දින දෙකක් යනතෙක් ඔහුගේ ඉල්ලීම මත අනාවරණය වූයේ නැත. නමුත් ඔහුගේ මරණයට දින කිහිපයකට පෙර එන්සෝ ෆෙරාරී ඉතිහාසය තුල නිර්මාණය කරණ ලද ශ්‍රේස්ඨතම මෝටර් රථ වලින් එකක් වන ප්‍රසිද්ධ ෆෙරාරී F40 නිම කර ඇ‌ති අතර මෙම මෝටර් රථය ඔහුගේ ජයග්‍රහණයේ සංකේතයක් ලෙස කැප විය.

1990 දී ෆෙරාරි 50 වැනි සංවත්සරය වෙනුවෙන් 512 TR, 456 GT, 348 GTB,348 කන්වර්ටබල් සහ348 GTS, 348 Spider, F355 Berlinetta, F512 M,F50 ඇතුලු විවිධ බොහෝ සාර්ථක මාදිලි හදඳුන්වා දෙන ලදී.මෙම ෆෝමියුලා වන් මෝටර් රථය සඳහා ‘Ferrari’s Extreme Machine යන අන්වර්ථ නාමය ලබා දෙන ලදී.

වැඩි කල් යන්න කලින් ෆෙරාරි ෆෝමියුලා වන් තරග බිමට යළි අවතීර්ණ වූ සමාගම Michael Schumacher සමගින් 1996 දී ධාවන තරග දිනා ගනිමින් 2000 සිට 2004 දක්වා World Driver’s Championship සඳහා සුදුසුකම් ලැබීය.වෙළෙඳ නාමය 1999 සිට 2004 දක්වා වූ Constructors ශූරතාවය දිනා ගැනීමට සමත් විය.2008 වන විට ෆියට් සමූහය සමාගමේ කොටස් 85% ක් මිලදී ගන්නා ලද අතර එන්සෝගේ දෙවන පුත් Piero Ferrari හට10% ක් හිමිව තිබෙනවා.

ෆෙරාරි මෝටර් රථ අද(FERRARI AUTOMOBILES TODAY)

දැනට සමාගම ෆියට් ක්රයිස්ලර් ඔටෝමොබයිල්ස් සහ පියෙරො ෆෙරාරි හට අයිතිව තිබෙන අතර(එන්සෝ ෆෙරාරි දෙවන පුත්) ෆෙරාරි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වේ.මීට අමතරව සමාගම යුරෝ බිලියන 2.3 ක වත්කම් හා එහි එක් එක් වාහනයක් ඩොලර්100,000 වඩා ඉහළ මිල ගණන් යටතේ ඒකක 7318 ක වාර්ෂික නිෂ්පාදනය නිමැවුම් ඇත.

රසවත් පුවත්(INTERESTING NEWS)

•එන්සෝ ෆෙරාරි තාත්තා ඉතාලියේ දේශීය දුම්රිය වැඩපලේ ලෝහ මදින්නෙකු වූ අතර ඔහුගේ සීයා ආහාර තොග වෙළෙන්දෙකු විය.

•ෆෝඩ් විසින් ඩොලර් මිලියන 18 ක් පිරිනැමීමක් ඉදිපත් කරමින් 1963 දී ෆෙරාරි ලබා ගැනීමට උත්සාහ කළේය.කෙසේ වෙතත් එන්සෝ ඔහුගේ ධාවන වැඩසටහන සම්පූර්ණ බලය දීමට තීරණය කල බැවින් එම ගනුදෙනුව ප්‍රතික්ෂේප කරන ලදී.

දැනට පවතින සියළු ෆෙරාරි මෝටර් රථ මාදිලි ලැයිස්තුව(LIST OF ALL CURRENT FERRARI CAR MODELS)

2015 LaFerrari
2015 Ferrari FF
2015 FF458 Spider
2015 T458 Speciale
2015 F12berlinetta
2015 458 Speciale A
2015 Ferrari 488 GTB
2015 Ferrari California
2011 Ferrari 599 GTB Fiorano
2009 Ferrari F430

ඔබට ෆෙරාරි ඉතිහාසය  දැක ගැනීමට හැකි වන පරිදි එම සමාගම ආරම්භයේ සිට පන්තිය හා ශෛලියට මහත් කීර්තියක් ඇත.ඒ නිසා ඔබ නව ස්පෝර්ට් මෝටර් රථ මිලදී ගැනීම පිළිබඳ අදහස් කරන්නේ නම් ෆෙරාරි ඔබේ ලැයිස්තුවේ ඉහළින්ම විය යුතුය.

By Chandrasiri Jayawickra

Related Posts

Post a Comment