-->

අනාගතයේ සියලු වාහනයන් සඳහා විදුලිය-අවුඩි ඊ-ට්‍රෝන් කොට්‍රෝ සංකල්පය



එහි නිර්මාණය : 0.25 වන ඉතා අඩු රෝධක සංගුණකය සමග සුළං උමං මාර්ග නිර්මාණය සමග 370 kW දක්වා ප්‍රබල විද්‍යුත් ධාවනය.

අවුඩි ඊ-ට්‍රෝන් කොට්‍රෝ  සංකල්පය අනුගමනය කරමින් මෙම අවුඩි  ඊ-ට්‍රෝන් කොට්‍රෝ සංකල්පය ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශණයට (IAA) 2015 දී අවුඩි රථ සිය බැටරි විදුලි තාක්ෂණය අධ්‍යනය ඉදිරිපත් කළේය.මෙය ස්පෝර්ට් වර්ගයේ SUV රථයක් වේ.කිලෝ මීටර් 500 කට වඩා වැඩි ( සැතපුම් 310.7)එහි පරාසය එය සම්පූර්ණ එදිනෙදා පහසුව ලබා දෙයි.

තාක්ෂණය ප්‍රමුඛ මෙහෙයුම් විසඳුම් ද ඇ‌තුලත්ව පයිලට් ඩ්‍රයිවින් පහසුකම සහිතව ඉහළ මට්ටමේ සැපපහසුව සපයයි.මෙම අවුඩි රථ ඊ-ට්‍රෝන් කොට්‍රෝ සංකල්පය පළමු නිෂ්පාදන විදුලි කාර් එලඹෙන තත්වයේ පෙරනිමිත්තක් සපයනමින් මුදු හතරක වෙළෙඳ නාමයේ සිට 2018 දී වෙළඳපලට නිකුත් කිරීමට නියමිතය.


තාක්ෂණික උපකරණ(Technical equipment)

•ඊ-ට්‍රෝන් ලෙස සම්පූර්ණ විදුලි ධාවනය.විදුලි මෝටර් තුනකින් සමන්විත වන අතර ඉන් එකක් ඉදිරිපස ඇක්සලය මතද අනෙක් දෙක පිටුපස ඇ‌කසලයමතද සව්කර කිරීම මගින් ගතික ව්‍යාවර්ථයක් සපයයි.

•සමස්ත ප්‍රතිදාන කිලෝවොට් 370 ක් වන අතර සමස්ත ව්‍යාවර්ථය නිවුටන් මීටර් 800 කි(අඩි රාත්තල් 590)

•පැයට කිලෝමීටර් 0-100 (පැයට සැකපුම් 62.1)ට ලඟාවීම තත්පර 4.6 ක් ගතවෙන අතර ඉලෙක්ට්‍රොනිනව පාලනය සහිතව උපරිම වේගය පැයට කිලෝමීටර් 210 කි(130.5 පැයට සැතපුම්)

•ඇක්සල් අතර ෆ්ලෝබෝර්ඩ් මත පිහිටුව ඇ‌ති ලිතියම්-අයන බැටරිය සම්පූර්ණ ආ‌රෝපණයකින් කිලෝවොට් 95 ක මෝටර් මගින් කිලෝමීටර් 500 කට වඩා වැඩි (සැතපුම් 310.7 ) ධාවනය කිරීමේ හැකියාව.

•ඒ/සී හා ඩී/සී විදුලි ධාරාව  මගින් ආ‌රෝපණය කිරීමේ හැකියාව

•ඉතා පහසු අවුඩි රැහැන් රහිත ආ‌රෝපණය(Audi wireless charging -AWC)

•අවුඩි ඇ‌ඩප්ටිව් එයාර් සස්පෙන්ෂන් සහ ඩයිනමික් සියලු රෝද ධවනය

•පයිලට් ඩ්‍රයිවින් තාක්ෂණය රියදුරු ආධාර පාලකය(Central driver assistance controller-zFAS)


වායුගති විද්‍යානුකූල හා සැලසුම් නිර්මාණය(Aerodynamic and design)

•SUV ස්පෝර්ට් කූපේ හැඩය අඩු හරිතාගාර වායු විමෝචනය සමග  වායුගතික වෙන් දාර සහිත පසුපස අවසානය.

•මීටර් 4.88 (අඩි 16.0) ක් දිග,මීටර්1.93 (අඩි 6.3) පළල සහ 1.54 මීටර උස (අඩි 5.1) දොර පහේ නිමාව.

•විශිෂ්ට වායු ගලනය : cd අගය පමණක් 0.25, ඉහළ මට්ටමේ aeroacoustics

•නව වායුගති විද්යානුකුලව සංකල්ප නිර්මාණ විසඳුම් වායුගතික රෝධය අවම කිරීම සඳහා තාක්ෂණික පියවර සහිත සැලසුම්.

•වායුගතික විස්තර උදාහරණ : ‍ඉදිරිපස විචල්‍ය මූලද්‍රව්‍ය,ඒ‌වගේම පැති සහ පසුපස, සාම්ප්‍රදායික බාහිර කණ්ණාඩි වෙනුවට ඇ‌තුලත කැමරා තාක්ෂණය,  පූර්ණ ආ‌වෘත සූක්ෂම ව්‍යුහයක් සහිත ෆ්ලෝර් නිමැවුම.

•මෙට්ර්ක්ස් ලේසර් තාක්ෂණ හෙඩ්ලයිට.

 •නව ඊ-ට්‍රෝන් නිර්මාණය සහිත ඉදිරිපස හා පසුපස OLED ආලෝකය මූලිකාංග.

•සූර්ය කෝෂ සහිත වහලය බැටරි විදුලිය සෘජු ඉතිරි කිරීමට උපකාරීවේ.

අභ්‍යන්තරය(Interior)



•වැඩිහිටි මගීන් හතරදෙනෙකු සඳහා ඇ‌තුලත ඉඩපහසුකම් සහ ලීටර් 615( ඝන අඩි21.7) ගමන් මලු මැදිරිය(Luggage compartment)සඳහා ඉඩහසුකම්.

•ඉඩ පහසුකම් සහිත අභ්‍යන්තර නිර්මාණය,OLED සංයෝජන මෙහෙයුම් සහ ඩිස්ප්ලේ සංකල්පය.

•මෙවලමක් පොකුරු ලෙස නව Audi virtual cockpit වක්‍ර OLED ඩිජිටල් උපකරණ පුවරැව(Instrument cluster)

•ස්පර්ශ පෘෂ්ඨ සහිත සුක්කානම

•LTE මගින් අනතර්ජල පහසුකම ලබාගත හැකියාව සහ පුලුල් පරාසයක් හරහා විවිධ සම්බන්ධතා පහසුකම්.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)


Related Posts

Post a Comment