-->

වීල් අලයිමන්ට්



ටෝ,කැම්බර්,කැස්ටර් සහ ඔෆ්සෙට් යනු කුමක්ද?

රෝද වල නිසි සැකසීම පවත්වාගැනීමෙන් ඔබේ මෝටර් රථයේ ආරක්ෂාව සහ එහි ටයර් හි ආ‌යු කාලය ආරක්ෂා කිරීම සඳහා මූලික වේ.වීල් අලයිමන්ට් මගින් සියලු රෝද හතර එකිනෙකා සමග ස්ථාවරව හා මාර්ගයේ මතුපිට උපරිම සබඳතාවය පවත්වාගෙන යාම තහවුරු විය යුතුය.රෝද මෝටර් රථය මත නැඹුරු වන ආකාරය ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන්කළ හැකිය.එනම් ටෝ(Toe),කැම්බර්(Camber) සහ කැස්ටර්(Caster)ලෙස වේ.

කැම්බර්(CAMBER)

මතභේදාත්මක සහ ඉතා පුළුල් ලෙස සාකච්ඡාවට භාජනයවන්නේ මෙයින් කැම්බර්ය.කැම්බර් කෝණය යනු රෝද සිරස් අක්ෂය සහ පොළව ට තිරස් අක්ෂයට ලම්භක සිරස් රේඛාව අතර ඇ‌තිවන කෝණයයි.රෝදය පොළව මතුපිට පරිපූර්ණ ලෙස ලම්භක වන්නේ නම් එහි කැම්බර් අගය අංශක 0 වනු ඇත.ටයරයේ ඉහළ ෆෙන්ඩර් බිත්තියේ (fender wells)ඇ‌තුල් දෙසට ආමුඛව ඇල වීම ඇරඹෙන විට සෘණ කැම්බර් (negetive camber)යැයි කියනු ලැබේ.ටයරයේ ඉහළ වාහනය ඉවතට ඇල කිරීම ධන කැම්බර්(positive camber) ලෙස හඳුන්වනු ලබයි.

ඍණ කැම්බර් එහි දෘශ්‍ය අභියාචනය(visual appeal)නිසා බෙහෙවින් ජනප්‍රිය බවට පත් වෙමින් තිබේ. සෘණ කැම්බර් හි සැබෑ වාසිදායක මෙහෙයුම් ලක්ෂණ දක්නට ලැබේ. සෘණ කැම්බර් බර සහිත වංගු තුළදී ඉහළ ග්‍රහණ ප්‍රතිලාභ ලබාදෙයි.කෙසේ වෙතත් කෙළින් ත්වරණය තුළ මෙම සෘණ කැම්බර් ටයර් සහ මාර්ග අතර මතුපිට ස්පර්ශය අවම වනු ඇත.

සෘණ කැම්බර් තෙරපුමක් උත්පාදනය කරයි. ටයර් දෙකෙහිම සෘණ ලෙස සකසන විට ටයර් දෙකම එකිනෙකට විරැද්ධව තෙරපුමක් ඇ‌තිකරන අතර එමගින් ටයර් මාර්ගය මතුපිට පෘෂ්ඨය මත හැකිතාක් දුරට යහපත් සම්බන්ධතාවයක් තබාගනී. එක් ටයරයක ග්‍රහණය නැති විට අනෙක් ටයර් තවදුරටත් ප්‍රතිවිරැද්ධ බලයක් යොදමින් ඇති අතර එහි ප්‍රතිථලයක් ලෙස වාහනය ගැම්මකින් තොරව රෝදය දෙසට තෙරපුමක් ඇ‌ති කරයි.

ශුන්‍ය කැම්බර් කාලයත් සමග ඩැඩිපුර ටයර් ගෙවීම් ඇති කරන නමුත් වංගු ගැනීම් වලදී ටයර් සුද්දවීවීමේ කාර්යය සාධනයක්(rob performance)ඇ‌තිවය හැකිය.ප්‍රශස්ථ කැම්බර් ඔබේ රියදුරු ශෛලිය හා වාහනය ධවන තත්වය මත රඳා පවතිනු ඇත.

කැස්ටර්(CASTER)

කැස්ටර් වටහා ගැනීමට ටිකක් දුෂ්කර වන නමුත් එය ස්ටීරියන් හැරීම ලක්ෂ්‍ය සහ රෝදයේ සිරස් මධ්‍ය ලක්ෂ්‍ය විසින් වාහනයේ ඉදිරිපසට හා පසුපසට නිර්මාණය කරන ලද කෝණය ලෙස අර්ථ දැක්වෙනවා.

මෙම රේඛාව වාහනයේ ඉදිරිපසට ආ‌නත නම්  එය ධන කැස්ටර්(positive caster) ලෙස සැලකෙන අතර එම රේඛාව වාහනයේ පසුපසටනම් එය සෘණ නම් එය සෘණ කැස්ටර්(negative caster)ලෙස හැඳින්වේ.

සාමාන්‍යයෙන් ධන කැස්ටර් සහිත වාහනය අධි වේගයේදී වඩාත් ස්ථායී බවක් ඇතිකරන අතර වංගු වලදී ටයර් සහින්වීම(tire lean)වැඩිවීම මෙන්ම වනු සුක්කානම් බලපෑම(steering effort)ද වැඩි කළ හැක.

බොහෝ මාර්ග වාහනවල  හරස් කැස්ටර්(cross-caster)ඇ‌ත.මෙම හරස් කැස්ටර් කැම්බර් සහ කැස්ටර් වලට මදක් වෙනස්වන අතර වාහනය ගමන් කිරීමේදී එය දකුණට තරමක් පැදීමක්(drift slightly)කිරීමට හේතු වේ.මෙය ආ‌රක්ෂිත අංගයක් වන අතර රියදුරැහට වාහනයේ සුක්කානම් පද්ධතිය ගිලිහුණු අවස්ථාවක වාහනය මාර්ගෙයන් පැත්තකට පැද්දීමක්(drift) ඇ‌තිකරනු ලබයි.

ටෝ(TOE)

සමහරවිට දෘශ්‍යමා කිරීමට පහසුම සංකල්පය ටෝ(toe)වේ.ටයර් වාහනයේ ඇ‌තුල් දෙසට හෝ පිටත දෙසට සිටිනසේ ඉදිරියට යොමුකිරීම ටෝ මගින් නියෝජනය කරයි.ඉහළ-පහළ දැක්මකින්(top-down view)මෙය කෝණාකාරව ඇ‌තුලට හෝ පිටතට යොමුකර ඇ‌ති ආ‌කාරය පැහැදිලිවේ.ටයර් දෙකම ඇ‌තුල් දෙසට යොමුකිරීම ටෝ-ඉන්/ධනාත්මක ටෝ(toe-in/positive toe)ලෙසද පිටත දෙසට යොමුකිරීම ටෝ- අවුට්/සෘණ ටෝ(toe-out/negative toe)ලෙසද හඳුන්වයි.

නිවැරදි ටෝ සැකසීම පවත්වා ගැනීමෙන් අනවශ්‍ය ටයර් ගෙවීම අවම කරගැනීමට හා ටයර්වල ආ‌යුකාලය දීර්ඝ වීමටද හේතුවක් වේ.මෙම ටයර් ඇ‌තුලත දෙසට හෝ ඉවතට සකසා ඇ‌ත් නම් ටයර් පොළව සමග ඇ‌තිල්ලී ටයර්වල කොන්(tyres edges)පමණක් ගෙවීම සිදුවේ.කෙසේ වෙතත් සමහර විට ටයර් කට්ට කාර්යය සාධනය හෝ ස්ථාවරත්වය වෙනුවෙන් වැයවිය හැකිය.

ටයර් දෙකම ඉදිරිපස එකිනෙකාට මුහුණ මුහුණ සිටින ආකාරයට පිහිටුවීම ටෝ-ඉන් ලෙස  හඳුන්වන අතර නිරන්තරයෙන් එකිනෙකාට එරෙහිව බලය උත්පාදනය කරයි. ඒ‌වගේම හැරවීම් හැකියාව අඩු කරයි.කෙසේ වෙතත් ටෝ-ඉන් කෙලින් ධාවන  රියදුරු ලක්ෂණ(straighter driving characteristics)ඇති කරයි.

සාමාන්‍යයෙන් පසුපස රෝද ධාවන සහිත වාහන වල පෙරළීමේ ප්‍රතිරෝධය (rolling resistance)නිසා පසුපස සස්පෙන්ෂන් ලින්ක් තරමක් ධනාත්මක ඇදීම් (toe in)ඇත. මෙම සුලු ධනාත්මක ටෝ අධික වේගයේදී රෝද පිටතට ඇ‌දෙන අතර ටයර් අධික ගෙවීම වළක්වයි.

ඍණ ටෝ(toe out)බොහෝ විට විරුද්ධ හේතුවක් නිසා ඉදිරිපස රෝද ධාවන වාහන සඳහා භාවිතා වේ. මෙම වාහන වල සස්පෙන්ෂන් ආ‌ර්ම්ස් තරමක් ඇ‌තුල් දෙසට ඇ‌ද ඇ‌ත.ඒ නිසා සුලු සෘණ ටෝ ඇ‌දීම් සඳහා හේතුවන අතර වේගයේදී රෝද පිටත මට්ටමේ පිහිටා ඇ‌ත.

ඍණ ටෝ වංගුගැනීමේ හැකියාව වැඩි වේ.වාහනය වංගුවක ඇ‌තුල් දෙසට කපා ඇ‌තිවිටෙක ඇ‌තුල් පැත්තේ රෝදය වඩාත් දැඩි ලෙස කෝණාකාර කරයි.හැරවුම් අරය කෝණය නිසා පිටත රෝද වඩා කුඩා වන බැවින් වාහනය එම දිශාවට ඇ‌දී පවතී.

ඍණ ටෝ ප්‍රතිථලයක් ලෙස සරළ රේඛීය ස්ථාවරත්වය අඩු වේ. දිශාව ඕනෑම සුලු වෙනසකදී වාහනය එක් දිශාවකට හෝ වෙනත් දෙසට යොමුවීමට හේතු වනු ඇත.

සාරාංශය

වාහන නිෂ්පාදකයාගේ සැලසුම් මත පදනම්ව යම් හේතු සැකසුම් සකසා ඇ‌ති අතර පර්යේෂණ හා සංවර්ධන මත හොඳම සස්පෙන්ෂන් සංරචක නිර්මාණය තෝරාගනී.මෙම සම්මතය වෙනස් කිරීමට උත්සාහ කිරීම භයානක ප්‍රතිථළ ඇ‌ති විය හැකිය.විශේෂයෙන් මගී මාර්ග වාහන සඳහා.

ඔබේ අවශ්‍යතාවයන් සහ ආශාවන් මත සම්මත ක්‍රමය වෙනස් කරනවානම් මේ අවස්ථාවේ දී ඔබේ සස්පෙන්ෂන් වෙනස් කිරීමේදී සැලකිලිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට හා ඕනෑම ප්‍රධාන වෙනස්කම් කිරීමට පෙර එ සඳහා පලපුරැදු වෘත්තිකයන් ගෙන් උපදෙස් ලබා ගැනීමට වග බලා ගත යුතුය.ඔබේ ටෝ,කැස්ටර සහ කැන්බර් විසින් ඇති කරන ලද වෙනස් ප්‍රතිඵල මතක තබාගැනීම වැදගත් වන අතර එමගින් ඇ‌ති කරන කාර්‍ය්‍යය සාධන බොහෝ විට වියදමි අධික විය හැකිය.

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Related Posts

Post a Comment