පොසිට්ව් ක්‍රෑන්ක් කේස් වෙන්ටිලේෂන්(PCV)
පොසිට්ව් ක්‍රෑන්ක් කේස් වෙන්ටිලේෂන් යනු එන්ජිම ක්‍රියාකිරීමේ දී ක්‍රෑන්ක් කේස් තුල ඇතිවන හානිකර වාෂ්ප ඉවත් කිරීමට හා වායුගෝලයට නිදහස් වීම වැළැක්වීම සඳහා නිර්මාණය කරන ලද පද්ධතිය වේ.මෙම PCV පද්ධතිය ඉන්ලට් මැනිෆෝල්ට් එක මගින් ඇති කරනු ලබන වැකියුම් හරහා ක්‍රෑන්ක් කේස් ඇති වාෂ්ප ඇදගනු ලබන අතර එසේ ඇද ගනු ලබන වාෂ්ප ඉන්ධන / වායු මිශ්‍රණය සමග මිශ්‍ර කර දහන කුටි තුලදී දහනය කරනු ලබයි.පද්ධතිය තුල ගලායාම හෝ සංසරණය PCV වෑල්වය විසින් පාලනය කර ඇත. මෙම PCV වෑල්වය ක්‍රෑන්ක් කේස් වෙන්ටිලේෂන් පද්ධතිය සහ දූෂණය පාලනය උපාංගයක් ලෙස ඵලදායී වේ.
PCV පද්ධතිය 1960 ගණන්වල මුල් භාගයේ සිට සියලු නව මෝටර් රථ සඳහා සම්මත උපාංගයක් කර ඇත.1963 පෙරදී PCV පද්ධති කැලිෆෝනියාව සඳහා පමණක් භාවිතා කරන ලදී.1963 සිට ඉදිරිපත් කරන ලද මෝටර් රථ විවිධ වර්ගයන් සහ මාදිලි PCV පද්ධති භාවිතා කර ඇත.නමුත් සියලුම පද්ධතිවල කටයුතු සියල්ලම එකම වේ.
PCV පද්ධති විවෘත හෝ සංවෘත එකක් ලෙස විස්තර කළ හැකිය. මෙම පද්ධති දෙකම ඉතා සමානවේ.කෙසේ වෙතත්1968 සිට භාවිතා වන සංවෘත පද්ධතිය වායු දූෂණ පාලනය දී වඩා ඵලදායී වේ.මෙම පද්ධතිය නැවුම් වාතය ක්‍රෑන්ක් කේස් තුලට ඇතුල්වන ආකාරය හා අධික වාෂ්ප නෙරපා හරින ආකාරය වෙනස් වේ.
විවෘත PCV පද්ධති
විවෘත පද්ධතිය තෙල් පිරවුම් පියන හරහා නැවුම් වාතය ඇදගනු ලබයි.මෙය වාෂ්ප පරිමාව අවමව සිටින තාක් කල් කිසිදු ගැටලුවක් ඉදිරිපත් කරයි. කෙසේ වෙතත් ක්‍රෑන්ක් කේස් වාෂ්ප අධික වූ විට එය තෙල් පිරවුම් පියන හරහා විවෘත වායුගෝලයට පිටකරයි.විවෘත PCV පද්ධතිය ක්‍රෑන්ක් කේස් සිට දූෂිත වාෂ්ප ඉවත් කිරීම සාර්ථක වුවත් පරිසර දූෂණය පාලනය උපාංගයක් ලෙස සම්පූර්ණයෙන්ම ඵලදායී නොවේ.
සංවෘත PCV පද්ධති
සංවෘත PCV පද්ධතිය පිරිසිදු වාතය එයාර් ෆිල්ටර් එක හරහා ඇද ගනු ලබයි.මේ ක්‍රමය තුළ තෙල් පිරවුම් පියන හරහා සිදුනොවේ.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අතිරික්ත වාෂ්ප නැවත එයාර් ෆිල්ටර් හරහා එන්ජිම තලට ඇතුල් කරනු ලැබේ. සංවෘත පද්ධතියක් වාෂ්ප සාමාන්‍ය විටදී හෝ අධික විටකදී වාෂ්ප විවෘත වායුගෝලයට විවෘර්ත වීම වළක්වයි.සංවෘත පද්ධතියක වායු දූෂණ පාලනය උපාංගයක් ලෙස වඩාත් කාර්‍යයක්ෂම වේ.
PCV වෑල්වය
මෙම PCV පද්ධතිය තුළ ඉතා තීරණාත්මක කොටසක් වනුයේ පාලන වෑල්වයයි.පොදුවේ මෙය PCV වෑල්වය ලෙස හඳින්වේ.මෙම PCV වෑල්වයේ අරමුණ ක්‍රෑන්ක් කේස් සිට වාෂ්ප ඉන්ලට් මැනිෆෝල්ටය තුලට ගලා යෑම මැනීම සහ දහන සඳහා අවශ්‍ය ඉන්ධන / වායු මිශ්‍රණයේ වෙනසක් සිදු නොවන ආකාරයට ක්‍රෑන්ක් කේස් එක තුලට නිසි වාතාශ්‍රයක් ලබාදීමයි.
බ්ලෝ බයි ගෑස්(Bloe-by-gases-පිස්ටන් පහළට ගමන් කිරීම නිසා ක්‍රෑන්ක් කේස් එක තුල ඇතිවන ගෑස්)සහ වාෂ්ප ක්‍රෑන්ක් කේස් එක තුලට ඇතුල් වූ අනුපාතය සමාන ප්‍රමාණයක් ඉන් ඉවත් කළ යුතුය.අයිඩල් වේගයේදී බ්ලෝ බයි ගෑස් ප්‍රමාණය අවම අතර අධිවේගී මෙහෙයුමකදී මෙම ගෑස් ප්‍රමාණය වැඩි නිසා PCV වෑල්වය මේ අනුව වාෂ්ප ගලා යාම පාලනය කළ යුතුය. මෙම PCV කපාට විවිධ එන්ජිම වේගයෙන් තුලදී එන්ජින් ක්‍රෑන්ක් කේසය තුලට අවශ්‍ය ප්‍රමාණවත් වාතාශ්‍රයක් ලබාදීම සඳහා සැලසුම් කර ඇත. එය අඩු හෝ වැඩි එන්ජින් වේගය වෙනස් ලෙස අඩු වූ වැඩි වන වැකියුම් ප්‍රමාණය මත ක්‍රියාත්මක වේ.
උදාහරණයක් ලෙස අඩු හෝ අයිඩල් එන්ජින් වේගයේදී ඉන්ලට් මැනිෆෝල්ඩ් වැකියුම් ප්‍රමාණය ඉහළය.මෙම තත්වය තුලදී වෑල්වයේ ප්න්ජරය හැකිතාක් දුරට හෝ වෑල්වයේ අවසානය දක්වා ඉදිරියට ඇදෙන අතර ප්ලන්ජරයේ හැඩය වාෂ්ප ගලා අවම දක්වා අඩු කර ඇත.අවම වාතාශ්‍ර ක්‍රියාවලිය සඳහා වාතය ගලායාම ප්‍රමාණවත් වන අතර ඉන්ධන / වායු මිශ්‍රණ අනුපාතයට එමගින් බලපෑමක් ඇති නොවේ.
අධි වේගයේදී මැනිෆෝල්ඩ් වැකියුම් ප්‍රමාණය අවම වේ.මෙනිසා ප්ලන්ජරය වෑල්වය තුල මැද හරියක් දක්වා ගමන් කරන අතර එමගින් උපරිම වාෂ්ප ප්‍රමාණයක් ගමන්කිරීමට සලසයි.මක්නිසාද යත් අධි වේගයේදී එන්ජිමට වැඩි පුර ඉන්දන / වායු ප්‍රමාණයක් අවශ්‍ය වන බැවිනි.මෙම වැඩිපුර වාෂ්ප කාර්‍යය සාධනය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.බැක් ෆයර් අවස්ථාවකදී ඉන්ලට් මනිෆෝල් ඩපීඩනය හේතුවෙන් වෑල්වය වසාදැමීම හෝ එන්ජිම නතර කර දමනු ලබයි.මේනිසා බැක් ෆයර් මගින් ක්‍රෑන්ක් කේසය තුල ඇතුල් වීම සහ එහි ඇති දහනයවන සුලු වාෂ්ප පිපිරීම වලක්වනු ලබයි.
නොසලකා හැර ඇති PCV පද්ධති නිසි ලෙස ක්‍රියා කිරීමට අසමත් වනු ඇති අතර එහි ප්‍රතිඵලය ලෙස වාහන හිමිකරුට මිල අධික මෙන්ම කරදරකාරී අලත්වැඩියාවන් ගෙන දිය හැකිය.මෙම ක්‍රෑන්ක් කේස් තුලට ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති නම් එන්ජින් ඔයිල් ඉක්මනින් අපිරිසිදුවීම හා බර බොර (heavy sludge)තැන්පත් වීම ආරම්භ වනු ඇත.එන්ජින් ඔයිල් මගින් ආරක්ෂා කර නැති අභ්‍යන්තර කොටස් ක්‍රෑන්ක් කේස් තුල හිරවී සිටින ජල හා අම්ල හේතුවෙන් මළ බැඳීම හෝ ඛාදනය ආරම්භ වනු ඇත.මෙම PCV පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ නම් ක්‍රෑන්ක් කේස් වාෂ්ප ඉන්ලට් මැන්ෆෝල්ඩය තුලට ගලා යාම නිසි ලෙස මැනීම කළ නොහැකි වනු ඇත.
මෙය අනෙක් අතට දහනය සඳහා අවශ්‍ය ඉන්ධන / වායු මිශ්‍රණය වෙනස්වී හෝ අකර්මන්‍ය වී එන්ජින් ඇණහිටීම හෝ රලු දිවුම් ඇති වීමට හේතු වේ.තවද ඉන්ලට් වෑල් සහ එක්සෝස්ට් වෑල් ද ස්පාර්ක ප්ලග් ද පිලිස්සී නැවත ප්‍රයෝජනයට ගත නොහකි තත්වයකට පත්වේ.ඒවගේම කාර්ය සාධනය කෙරෙහි සෘජුව බලපාන අතර එය මිල අධික අලුත්වැඩියා දක්වා විය හැකිය.ගැටලු නොමැති PCV වෑල් පද්ධති කාර්‍යය සාධනයක් පවත්වාගැනීම සඳහා වාහනය සහ එන්ජිම නිසි කාල නඩත්තුවක් පවත්වාගෙන යාම නිර්දේශ කරන අතර අත්‍යාවශ්‍යය කටයුත්තකි.
මෙම PCV වෑල්ව පිරිසිදු කළ යුතු නැති අතර නැවත සේවා නොකල යුතය.එය PCV වෑල්ව පිරිසිදු කිරීම PCV පිරිසිදු කිරීමක් පමණක් වන අතර එය නව PCV වෑල්වයක් වන්නේ නැත.සෝදා හැරිය නොහැකි සංකීර්ණතා බොහොමයක් PCV වෑල්වය තුල ඇත.මීට අමතරව පිරිසිදු කිරීම මගින් සැකසිය නොහැකි ස්ප්‍රින් මගින් ඇති කරන ලද ගෙවීම් ද ඇත. නිර්දේශිත මාරැකිරීම් පරාසය උපරිම මාස 12 ක් හෝ සැතපුම් 10,000 (කිලෝමීටර්16,000 ක්) අතර වේ.වාහනය හා මෙහෙයුම් තත්ව වෙනස් වීම මත වෑල්ව වැඩි පුර නිතර මාරැකිරීමට සිදු විය හැකිය.වෑල්වය සිරවී ඇති බවට සැක සහිත නම් හෝ සාක්ෂි ලෙස බොර(sludge)තන්පත් වී ඇත්නම් නව වෑල්ව මාරැකල යුතුය.මෙම PCV පද්ධතිය තුල නළ හෝ බට භාවිතා වන්නේ නම් සියලු නළ හෝ බට පිරිසිදු කර පරීක්ෂා කළ යුතුය.මෙම හෝස් හෝ බට තුල කැඩුම් හෝ බ්ඳුම් දක්නට ලැබේ නම් එය ද මාරැකල යුතුය.සියලු හෝස් සම්බන්ධතා දැඩි වායු මුද්‍රා(air-tight seal)සහිත බවට පරීක්ෂා කර සහතික විය යුතුය.
මෙම PCV වෑල් පද්ධතිය නිසි සේවා සහිතව පවත්වාගෙනයාම සමස්ථ වාහනයේම වායු විමෝචනය අඩු කිරීමට උපකාරී වනු ඇත.
By Chandrasiri Jayawickra
Post a Comment
Post a Comment