-->

Photoshop වල Light Effect

පේනව නේද ඔය තේ කෝප්පෙට කොරල තියෙන හදිය! එල පහර නේ? එහෙනම් අපිත් ඒ වගේ වැඩ පාරක් දාමු. ඔන්න එහෙනම් ඉගෙන ගන්ඩෝ....


ඉස්සෙල්ලම අලුත් ඩොකියුමන්ට් එකක් හදාගන්න.(ඒ කියන්නේ අලුත් පේජ් එකක් ඕපන් කරගන්න කියලා) . දැන් ලේයර් ස්ටයිල් එකක් බැක්ගරවුන්ඩ් එකට ඇප්ලයි කරන්න. දැන් Gradient Overlay එකක් සහ Pattern Overlay එකක් එකතු කරන්න.  එය එකතු කරන විදිහ පළවෙනි පින්තූරයෙන් බලාගන්න.
විශාලව බලාගන්න පින්තූරය මත ක්ලික් කරන්න

ඊලගට ඔයාලා කැමති අයිකන් එකක් ඉමේජ් එකට ඇඩ් කරගන්න. ඔන්න මමනම් නෙට් එක පීරලා තේ කෝප්පයක් හොයාගත්තා. ඔයාලා කැමති දෙයක් ඇඩ් කරන්න. කිසිම අවුලක් නෑ. මම ඇඩ් කරපු අයිකන් එක 2 වෙනි පින්තූරයෙන් බලාගන්න.
වැදගත් :- මේකෙදී ඇඩ් කරන අයිකන් එක .PNG මාදිලියේ පින්තූරයක් වූවහොත් ඔබට ලේසි වනු ඇත. නැත්නම් කපා කොටා දමන්නට සිද්ධ වේ.
විශාලව බලාගන්න පින්තූරය උඩ ක්ලික් කරන්න
දැන් අපිට Highlight Shape එකේ පොඩි සැකසුම් වගයක් ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් settings වගයක් කරන්න තියෙනවා. ඉස්සෙල්ලම ඉලිප්ස් ටූල් එක සිලෙක්ට් කරලා මම කරල තියෙනවා වගේ ෂේප් එකක් ඇදගන්න. ඒකට පස්සේ Gaussian Blur වල ඇති radius එක 30px අරගෙන ගිහිල්ලා නවත්තන්න. ඊට පස්සේ ඕකේ බට්න් එක ක්ලික් කරන්න. ඒක කරන විදිහ 03 වෙනි පින්තූරෙන් බලාගන්න.
විශාලව බලාගන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න
දැන් අපි බලමු මේ අපි හදාගත්තු පින්තූරෙට Light Effect එකක් එකතු කරන්නෙ කොහොමද කියලා. ඉස්සෙල්ලම අලුත් ෆෝල්ඩර් එකක් හදාගන්න. ඒක රීනේම් කරන්න 'Light Effects' කියලා. ඒකෙ තියෙන blend mode එක Color Dodge වලට මාරැකරන්න. ඊට පස්සේ අපි හදාගත්තු ෆෝල්ඩර් එකට ellipse  එක moveකරන්න. 

දැන් ස්පාර්ක් එකක් හදාගන්න විදිහ බලමු. අලුත් ලේයර් එකක් ඇඩ් කරන්න. අපි හදාගත්තු ෆොල්ඩර් එකට එහා පැත්තේ තමයි අලුත් ලේයර් එක ඇඩ් කරන්න ඕනි. ඊට පස්සේ ලේයර් එකේ කලර් එකට white යොදා පහළ දාලා තියෙන රෑපෙ විදිහට කරගෙන යන්න.
විශාලව බලාගන්න පින්තූරය උඩ ක්ලික් කරන්න.

දැන් අපිට ස්පාර්ක් එකට ග්ලෝ එකක් එකතු කරගන්න ඕනි වෙනවා. ඒක කරන්නේ මෙහෙමයි. ලේයර් ස්ටයිල් වල තියෙන Outer Glow කියන එක ක්ලික් කරලා 05වෙනි පින්තූරයේ තියෙන විදිහට ඒකෙ සෙටින්ග්ස් වෙනස් කරන්න.
විශාලව බලාගන්න පින්තූරය මත ක්ලික් කරන්න

දැන් බලමු අපි හදාගත්තු පින්තූරෙට ස්මෝක් ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්නෙ කොහොමද කියලා. ඉස්සෙල්ලම අලුත් ලේයර් එකක් හදලා smoke කියලා ලේයර් එක රීනේම් කරන්න. ඒකෙ තියෙන blend mode එක Color Dodge වලට මාරැ කරලා Lasso Tool එක තොරා ගන්න. Feather එක 40pxට දීල මම ඇදල තියෙනවා වගේ සිලෙක්ෂන් එකක් ඇදගන්න. ඒක ඇදල ඉවරවෙලා අනිවාරයෙන්ම  foreground එක සදහා white ද, background එක සදහා black ලබා දීල පහත දැක්වෙන පරැදි ක්ලවුඩ්ස් ඇප්ලයි කරගන්න.
Filter --> Render --> Clouds
(06වෙනි රෑපය බලන්න)
විශාලව බලාගන්න පින්තූරය උඩ ක්ලිකද් කරන්න
ඔන්න දැන් හදලනම් ඉවරයි. දැන් ඉතිං ඔයාලට ඕනිනම් ටෙක්ස්ට් එකක් ඇප්ලයි කොරලා එහෙම තව ඕන දෙයක් කොරලා සේව් කරගන්න.

Related Posts

Post a Comment