-->

වෙබ් අඩවි සංවර්ධනය පලමු පාඩම....

අද ඉදන් මම Web development ගැන කුප්පියක් කරන්න පටන් ගන්නයි හදන්නෙ.



මුලින්ම අපි බලමු Web development කරන්න මොනවද අපි දැනගන්න ඕන කියල

Web developing පැත්ත ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් කොටස් 2ක් ගැන කතා කරන්න පුළුවන්. ඒ තමා


  1. Web Design
  2. Web Development
ඒ ඒ කොටස් 2 කරන්න ගැලපෙන පරිගණක භාෂා අපි ඉගෙන ගන්න ඕන.

 මුලින්ම Web design කරන්න HTML,Javascript, Flash,Photoshop වගේ තව ගොඩක් පරිගණක භාෂා ,Software යොදා ගන්නවා..

ඒ වගෙම Web Development  කරනකොට ගොඩක් වෙලවට Server side Language එකක් යොදා ගන්නව. දැන් අපි Server side Language එකක් කියන්නෙ මොකක්ද කියල බලමු.

Web developing කරනකොට අපිට පරිගණක භෂා වර්ග  2  ක් හම්බෙනවා.ඒවා තමා
  1. Client Side Languages
  2. Server Side Languages
Client Side
Client Side Language එකක් ගොඩක් වෙලාවට HTML වලට ඔබ්බවලා(embedded) තමා තියෙන්නෙ.ඒ කියන්නෙ ඒ Web Browser එක මගින් Language එකට අදාල කේත හදුනගෙන ඒවගේ විදාන තේරුම් අරගෙන output එකක් ගන්න පුළුවන්. Javascript , HTML, VB Script  කියන්නෙ client side language කිහිපයක්.

Server Side
Server Side Language එකක කේත Web browser එකෙන් නම් කියවනව බොරු...එකට Server එකක් ඕනමයි.එතකොට අපිට Server එකක් නැතුව Server side language එකක් කරන්න බෑනේ කියල දුක් වෙන්න එපා.එකට වැඩ තියෙනව.Server side Language එකක් වැඩ කරන්නෙ කොහොමද කියල ඔයලට තේරුම් ගන්න පුළුවන් වෙයි  පහල තියෙන රූප දිහා බලලා. ASP.net, JSP, PHP, python  කියන්නෙ වලට උදාහරණ කීපයක්.



මුලින්ම කියන්න ඕන මෙතනදි (Server side) Web Browser එක User සහ Server එක අතර අතරමැදියෙක් ලෙස තම වැඩ කරන්නෙ.




PHP කියන Server side පරිගණක භාෂාව ගැන කතා කරමු.

Web developing ගැන ඔයාලට දැන් යම්කිසි අවබෝධයක් ඇති කියල මම හිතනවා.

මොකක්ද මෙ PHP කියන්නේ.......

Hypertext Preprocessor කියන එක තමා අපි PHP කියල කියන්නේ.ඉතින් මේ PHP Server-side Language එකක් විතරක් නෙවේ Cross-platform, HTML Embedded scripting language එකක් කියලත් කියනවාඒ වගේම මේ පරිගණක භාෂාව බොහෝ Database(MySQL, Informix, oracle, Sybase , solid , postage SQL, generic ODBC,…etc) වලටත් Supportකරනවා. PHP Open source ගණයට වැටෙන නිසා අපිට නොමිලේමDownload කරගෙන වැඩ කරන්න පුලුවන්.
 
PHP වල file extension එක වශයෙන් .php, .php3, .phtml “ දැක්විය හැකිය.

PHP භාවිතා කිරීමේ වාසි

  •    Web පි‍ටු Design කිරීම
  •    භාවිතා කිරීමේ පහසුව.
  •    Open source නිසා නොමිලේම Download කරගෙන වැඩ කරන්න පුලුවන්.
  •    නිරන්තරයෙන් සකස් (Constantly evolving) වෙන නිසා අලුත් අලුත් පහසුකම් එකතු වෙනව.
  •    PHP ඉතා සුරක්ෂිත Web base පරිගණක භාෂාවකි.
  •    Highly customizable.
  •   Windows වගේම Linux වලද PHP වලින් Web develop කරන්න පුළුවන්.

PHP වලින් කරන්න පුළුවන් දේවල්.

  •   Oracle, MySQL වගේweb base database සම්බන්ද කිරීම.
  •   Discussion forums, web base e-mail programs, web base chatting system, Content management   systems (CMS) වගේ දේවල් කරන්නත් PHP වලින් පුළුවන්.
  •  Online server හසුරවන්නත් PHP යොදා ගන්නවා.
  •  ඒ වගේම තව E-commerce, Search engine , Mailing list ,News feeds වලටවගේම භාහිර වෙබ් සමග සම්බන්ද කිරීමත් තව එකී නොකී ගොඩා...ක් දේවල් කිරීමට PHP යොදා ගන්නවා.
කොහොමද අපි PHP කරන්න පටන් ගන්නේ.....?

PHP වලින් Web developing කරන්න කලින් අපිට කරන්න පරිගණකය සකසා ගන්න ඕන.ඒකට පහත පියවර ටික කරන්න ඕන.

1.       ඔයාලගෙ පරිගණකයේ (Windows හෝ Linux) Apache server ඒක පිහි‍ටුවා ගන්න ඕන.(http://www.apache.org)
2.       PHP පිහි‍ටුවා ගන්න. (http://www.php.net)
3.       MySQL පිහි‍ටුවා ගන්න. (http://www.mysql.com)

ඉහත Link වලින් අපිට එම අදාල Software download  කරගන්න පුළුවන්.ඒත් බය වෙන්න එපා මෙවා වෙන වෙනම පිහි‍ටුවන්න ඕන ඉස්සර.දැන් නම් එහෙම ඕන නෑ. දැන් WAMP කියල මේ සේරම එකට තියෙන software ඒකක් තියෙනව.ඔයාල use කරන්නෙ Windows නම්WAMP ද Linux නම් LAMP ද පිහි‍ටුව ගන්න ඕන.

WAMP LAMP කියන නම් හැදිල තියෙන්නෙ මෙහෙමයි.

  • WAMP = Windows Apache MySQL PHP
  • LAMP =Linux Apache MySQL PHP

මම ඉදිරියට WAMP භවිතා කරල තමා PHP පාඩම ඉදිරිය ගෙනියන්න අදහස් කරන්නෙ.ඉතින් පහත Link එක භවිතා කරල WAMP Downloadකරගෙන ඔයලගෙ පරිගණකයේ WAMP පිහි‍ටුවා ගන්න්නකෝ.සාමාන්‍යSoftware එකක් පිහි‍ටුවන ආකාරයටම කරන්න තියෙන්නෙ.WAMPපිහි‍ටුවනකොට ප්‍රශ්න ආවොත් කියන්නකො.එහෙනම් Ready වෙලා ඉන්නකෝ ඊ ලග පාඩමෙන් හමුවෙමු.

Related Posts

Post a Comment