-->

වෙබ් අඩවි සංවර්ධනය - 2 පාඩම

 එහෙනම් හා....හා....පුරා කියල PHP පටන් ගමු එහෙනම්.
මුලින්ම ඔයලා WAMP Open කර ගන්නකෝ....
Desktop WAMP Icon එක Double click කරල හරි  Start > All Programs > WampServer > Start WampServer  යන ක්‍රමයට WAMP Open  කරන්න



ඊට පස්සෙ Notification Area වලට පහත ආකාරයේ Icon එකක් ඔයාලට දකින්න ලැබෙයි.

1 රූපය

2 රූපය 

මුලින්ම  රූපයේ ආකාරයට ඇවිත් පසුව රූපයේ ආකාරයට පත් වෙනවා. එසේ රූපයේ ආකාරයට පත් උනාම ඒක උඩ Left Mouse Button එක Click කරන්න.


මෙහි WWW directory එක Click කරල Open වෙන Folder එකේ අලුත්Folder එකක් හදල තියගන්න.අපි කරන PHP file මේ Folder එකේ තමSave කරන්නෙ.
C:\wamp\www\   තමා Path එක.ඒක ඔයාලා WAMP පිහිටවා ඇති තැන අනුව වෙනස් වෙනවා.

දැන් ආයෙත් ඉහත ආකාරයට Left Mouse Button එක Clickකරන්න.කරල Local host කියන එක Click කරන්න.එවිට ඔයලගෙ Web browser එක open වෙයි.එහි පහත අකාරයට ඔබ හදා ගත්ත Folder එක දිස් වෙයි. එහෙම නැත්තම් Browser එක Open කරල  http://localhost/ කියල Type කරත් හරි.
සැලකිය යුතුයි ...

ඉහත ආකරයට කල යුත්තේ ඔබ WAMP Server පිහි‍ටුවගත්තේනම් පමණි. WAMP Server
වගේම XWAMP වලත් කරන්න ගත හැකිය.එහිදී කරන ආකාරය පසුව සදහන් කරමි.
දැන් ඔයලගෙ Folder එක (Browser ඒකේ) Click කලාම අහි ඇතුලට යා හැකිය.


PHP Syntax
දැන් අපි PHP Coding පටන් ගන්න හදන්න. ඒත් ඊට කලින් දැන ගත යුතු දෙයක් තියෙනවා.
අපිට HTML  වගෙ  PHP වල Source code එක Page එකේ right clickකරල View source ගිහින් බලන්නනම් බෑ.මොකද  PHP කියන්නෙServer-side Language එකක්.එතකොට වෙන්නෙ එක Server එක මගින්Code කියවලා(Execute) ඒකෙ Output එක Browser එකේ පෙන්වන එකයි.එතකොට ඒ වෙලවෙ Browser එකේ තියෙන Page එකේ Codeඑක විතරයි View sourse වලින් පෙන්නනෙ.PHP code පෙන්නන්නෙ නෑ.
ඒ වගේම PHP කරන්න HTML සාමාන්‍ය ප්‍රමාණයක්වත් දැනගෙන හිටියොත් කරන්න ලේසියි..
එකත් මතක තියාගෙන PHP කරන්න පටන් ගමු.
HTML වල වගේම PHP කරන්න තියෙන්නෙත් ඒකටම විශේෂිත වු  රාමුවක් ඇතුලේ.ඒක පහත ආකාරයට පෙන්වන්න පුලුවන්. ඒ වගේමPHP කරන්න Notepad, Notepad++ , Dreamweaver වගේ ඔයාලට පහසු එකක් පාවිච්චි කරන්න ඒත් ටිකක් හුරු වෙනකල් Notepad එකේ කරන එක වඩාත් හොදයි කියල තම මගේ හැගීම.





මේ රාමුව ඇතුලෙ තමා අපි PHP coding කරන්නෙ.
අපි එහෙනම් මුල්ම Program එක ලියල  බලමු.

ඉහත ආකාරයට Note pad එකේ Type කරල තමන් කැමති නමක් දීල දෙවන පාඩමේ පරිදි .PHP යන Extension එක දීල Save as Type කියන එක All Type Select කරල අපි කලින් හදා ගත් Folder එක අතුලේ Saveකරන්න.
දැන් එකේ අපි Open කර  ගත්තු Web Browser එක Refresh කරන්න. එතකොට අලුතින් Save කරපු File එක පෙන්නයි.  file එක Clickකරන්න.

කොහොමද වැඩ....?



දැන් බලමු එක උනෙ කොහොමද කියලා.

1 සහ 3 පේලි වලින් එක PHP Block ඒක දැක් වෙනවා.
පේලියේ echo කියන එකෙන් තමා “Hellow world ” කියන එක Browserඑකේ Print වෙන්නෙ.



PHP වල Comments දාන්නෙ කොහොමද?

·         // හෝ  # - තනි පේලියක් සදහා
·         /*     */ - පේලි කීපයක් සදහා

Comments මගින් කරන්නෙ program එක execute කරන විට ඒComment එකට අදාල පේලිය හෝ පේලි කීපය execute නොකර මගහැරීමයි. ඉතා විශාල ප්‍රමානයේ පරිගනක වැඩසටහන් ලිවීමේදීcode වලට යම්කිසි note එකක් දැමීමට මෙය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වේ.

උදා :-


PHP වල විචල්‍ය භාවිතය

විචල්‍ය එහෙමත් නැත්තම් Variable ඕනෑම පරිගනක භාෂාවක තිබෙන කොටසක්. මෙමගින් අපේ පරිගනකයේ RAM එකේ කොටසක් වෙන් කර ගැනීම සිදු කෙරෙනවා.පඩම ඉදිරියට යනවිට එය පැහැදිලි වේවි.
අපි බලමු වල PHP විචල්‍ය භාවිත කරන්නෙ කොහොමද කියලා.

·         ඔනෑම විචල්‍යක් අරම්භයේදී $ සලකුණ යෙදීම අනිවර්ය වේ.
උදා :-
$x
$y
$text

PHP වලදී තිබෙන ලොකු වාසියක් තමා අපි Variable එකට assign කරනdata එක අනුව එහි Data type එක හදුනා ගැනීමයි.

උදා :-
$x=45                    // Integer value(numeric value)
$y=”Hellow”;     // String Value
$z=true                                //Boolean Value


විචල්ය්‍ය ගැන තේරුම් ගැනීමට පහත දක්වා ඇති උදාහරනය අධ්‍යනය කරන්න.







මෙහිදී PHP code තුල HTML tag එකක් ඇතුල් කිරීමේදී “ “ තුල HTML tag එක ලිවිය යුතුය.මෙසේ ඕනෑම HTML tag  එකක් ලිවිය හැකිය.

තවද ඉහත  .  එක මගින්  String එකක්  concatenate කිරීම සිදු කරයි. එය අධ්‍යනය කිරීමට පහත උදාහරනය බලන්න.



තවදුරටත් විච්ල්‍ය භාවිතය ගැන උදාහරණ කීපයක් සාකච්චා කරමු.

මෙම වැඩසටහන මගින් HTML tag තුල PHP code යොදන ආකාරයද ඔයාලට බලාගන්න පුළුවන්.

Output : 



පහත උදාහරණයෙන් PHP තුල HTML භවිතා කරන හරි දැක්වෙනවා.



මෙහිදී ඉහත Output එකම ලැබෙනවා.  පැහදිලි මදිනම් code මත click කරන්න.

Assignment Operators


OperatorExampleSame As
=x=yx=y
+=x+=yx=x+y
-=x-=yx=x-y
*=x*=yx=x*y
/=x/=yx=x/y
.=x.=yx=x.y
%=x%=yx=x%y




පහත උදාහරණය මගින් Assignment Operators පිලිබදව තවදුරටත් පහැදිලි කර ගන්න පුළුවන්.




Output : 


Related Posts

Post a Comment